IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


දේශපාලන අරමුණු ඉටුකර ගන්න රට විරුවන් බිල්ලට අරන්

(නිමල කොඩිතුවක්කු)

විදේශ ශ්‍රමිකයන්ගේ මුදල් සූරා ගෙන පෞද්ගලික දේශපාලන අරමුණු ‘ජයගන්න’ ව්‍යාපෘති රැසක් ලංකාවේ ක්‍රියාත්මක යැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විදේශ ගත වන, ගෘහ සේවයේ නියැලෙන අය වෙනුවෙන් ලැබෙන දීමනාව සේවා ගාස්තුවෙන් 5%ක් සෙස් බද්දක් ලෙස අය වන බවත් එය භාවිත කරන්නේ ශ්‍රමිකයන්ගේ සහ විදේශ ගත කරවන ආයතනවල, ශ්‍රමික පවුල්වල සාමාජිකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් වුවත් මෙම සෙස් එක ඉවෙන්ට් මැනේජ්මන්ට් ආයතන භාවිත කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ලංකාව ජය ග්‍රහණය කරන්න නොව ඉවෙන්ට් මැනේජ්මන්ට් කම්පැනිය ‘ජයගමු’ කරන්න යොදා ගන්නා බවත් මෙසේ සිදුව ඇති දූෂණ වංචා හොරකම ගැන තම රජයක් යටතේ සොයා බලන බවත් බලපත්‍ර ලත් විදේශ රැකියා නියෝජිතයන් සමඟ කොළඹදී පැවැති හමුවකදී ඔහු මේ බව පැවසීය.

සෙස් මගින් එකතුවන මහා ධනස්කන්ධය තනි පුද්ගලයකු වන ඇමතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන දෙයක් නොවී විවිධ පාර්ශ්වකරුවන් හා කණ්ඩායම් හි පොදු යෝජනා අනුව ක්‍රියාත්මක වීම අතිශය වැදගත් බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

එසේ නොවුවහොත් එම මුදල් අද වගේ පුද්ගලික දේශපාලන ව්‍යාපාරවලට යොදා ගන්නා බවත් ජනතාවගේ අරමුදල් අවභාවිත කිරීමක් බවත් විපක්ෂ නායකවරයා  පැවසීය.

ඊශ්‍රයාල් වැනි රටවලට රැකියා කෝටා ලබා දීමේ දී යහපත් ක්‍රමවේදයක් සිදු නොවන බවත් දූෂිත ක්‍රියා සිදුවන බව වාර්තා වන නිසා ඒ ගැනත් සොයා බලන බවත් ඔහු සඳහන් කළේය.

පෞද්ගලික පළිගැනීම්වලින් තොරව නිවැරදි සත්‍ය අනාවරණය කර යහපත් පිරිසුදු වගකියන වගවෙන ක්‍රමවේදයක් සකස් කරන බවත් මෙහි දී අනිතික මිනිස් ජාවාරම පවා නැති කරන බවත් විපක්ෂ නායකවරයා  පැවසීය.

රැකියා සදහා යවන දින 28ක කාලය තුළ රු. 120000ක් අතයටින් දී පුහුණු සහතිකය ලබා ගැනීමේ අලුත්ම ක්‍රමයේ වෙනසක් රටේ ක්‍රියාත්මක බවත් ප්‍රේමදාස මහතා කීවේය.

අද වන විට මෙම ක්ෂේත්‍රය හොර කප්පිත්තන්ගේ හොර ගුහාවක් බවට පත්ව ඇති බවත් මේ හොර මගඩිය අනිවාර්යෙන් නතර කර සුපිරිසුදු පුද්ගලයකු මේ ක්ෂේත්‍රය භාර ඇමතිවරයා ලෙස පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගැටලු ප්‍රශ්න මෙන්ම දූෂිත ක්‍රියාවලට යොමුවීම නිසා මේ පාර්ශ්වය දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් එම නිසා දැනට ක්‍රියාත්මක ක්‍රමවේදයේ හොද පැතිකඩ ආරක්ෂා කර පවතින දුර්වලතා මගහරවා ගෙන විදේශ රැකියා ක්ෂේත්‍රයේ නව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කර විනිවිදභාවයෙන්  මෙම ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එක දවසින් දුන් පාස්පෝට් එකට දැන් මාස ගාණක් ගත වන බවත් මාර්ගගත ක්‍රමවේදය මෙයට හේතුව වී ඇති බවත්  ප්‍රමාණවත් පාස්පෝට් තොග නොමැති වීම ගැටලුවක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

වෛද්‍ය මධ්‍යස්ථාන හරහා වෛද්‍ය සහතික ලබා දීම ගැන සොයා බලා මේ ඒකාධිකාරිය වෙනුවට තරගකාරී ක්‍රමවේදයක් ගැන රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ජේ. සී අලවතුවල, මුජුබර් රහුමාන්, එස්. එම් මරික්කාර් හෙක්ටර් අප්පුහාමි  යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (5)

දේශපාලන අරමුණු ඉටුකර ගන්න රට විරුවන් බිල්ලට අරන්

සෞදි-සිංහ Friday, 23 August 2024 09:55 PM

දේශපාලන බුද්ධිය අඩුම මිනිස්සු හිටගන්න තැන මෙතැන තමයි...

:       17       8

Ajith Monday, 26 August 2024 09:47 AM

ඔය බුරු jvp. කාරයන්ට උන්ගේ ලොක්කො දීලා තියෙන ලොකුම බූරු ඔලුව තමයි. උඹලා වගේ එවුන් හරි බුද්දිමත් අනික් එවුන් මෝඩයෝ කියන එක උඹත් හිතාගෙන ඉන්නෙ උඹ හරි බුද්දිමත් කියලා නේද මීහරකෝ

:       2       1

Sajith Saturday, 24 August 2024 05:35 AM

මගේ තීරණ හරි සරලයි, ප්‍රායෝගිකයි.. උස නම් සෙකියුරිටි, මිටි නම් කම්කරු, මහත නම් පාලක තනතුරු, කෙසඟ නම් සේවක තනතුරු. රටේ රැකියා ප්‍රශ්නේ ඉවරයි. මම තීරණ ගන්න වේගයට වෙන කාටවත් තීරණ ගන්න බැහැ.

:       13       8

අරවින්ද මොනරවිල Saturday, 24 August 2024 10:12 AM

ඔයාගේ ආණ්ඩුවක් යටතේ සජිත් ඉස්සර වෙලාම 2015 - 2019 කාලයේදී සංස්කෘතික අරමුදලෙන් බිලියන 1100 ක් අවභාවිතය, මාර්ග සංවර්ධන අධිකාරියේ කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වලදී සිදුවූ වංචා, දූෂණ, පශු සම්පත් මණ්ඩලයේ කිරි හරක් ගෙන්වීමේදී සිදූවූ දූෂණ, මහබැංකු මංකොල්ලය වගේ ඒවා ගැන මුලින්ම හොයා බලන්න...!

:       22       12

සෙනෙවිරත්න Saturday, 24 August 2024 10:52 AM

රටේ ඉන්න නමගිය මිනිස් ජාවාරම් කාරයෝ, හරිම තැනට සෙට් වෙලා...

:       30       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 135 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1076 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site