
(ගයාන් සූරියආරච්චි)
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉකුත් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනකුගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
ඊට අමතරව හිටපු මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන්ද එම කොට්ඨාශය විමර්ශන ආරම්භ කර ඇත.
අයථා ලෙස ඉපයූ මුදල්වලින් දේපොළ ලබාගෙන ඇති බවට පාර්ශව කීපයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කළ පැමිණිලිවලට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව එම කොට්ඨාශය පවසයි.
ඒ අනුව පාර්ලිමේන්තුවරුන් වන මන්ත්‍රී නාමල් රාජපක්ෂ, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, හිටපු අමාත්‍ය වරුන්වන මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, පවිත්‍ර වන්නි ආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිස්ස කුට්ටිආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර පිය දර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශනඛයා රාසමානිකයම්, සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්යාන් සහ ශාන්ත අබේසේකර ඇතුළු දේශපාලනඥයන් පිරිසක් සිටින බව එම කොට්ඨාශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය මැතිවරණයේදී බලවත් මුස්ලිම් රටවල් සහ දෙමළ ඩයපෝරාව ජනතා විමුක්ති පෙරමුණ හෙවත් NPP සංවිධානයට අරමුදල් සැපයූ බවට පුළුල් මතයක් පවතී. එවැනි අරමුදල් මෝල්ටා සහ විදේශ බැංකු වල ඇති බවටත්, ඒවාට ජවිපෙ සම්බන්ධතා ඇති බවටත් පුළුල් ලෙස සමපේක්ෂන පවතී. මෙයද විමර්ශනය කළ හැකිද?
දේශපාලන පළිගැනීම් මේවා. පව් අහිංසකයෝ.
සමහරක්ගේ හෘද සපන්දනය දෙගුණයකින් වැඩි කරන, රැට රැට සිහිනයෙන් භය ඇති කරන, නින්දෙන් හදිසියේ ඇහැරවෙන වැනි භයානක රෝග ලක්ෂණ මතු කරන පුවතක්.
ඇයි මේ ටික දෙනෙකුගේ විතරක්?. හිටපු සහ දැන් ඉන්න සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීලාගේ වත්කම් පරීක්ෂා කරන්න ඕන. මොකද අනුන්ට හොරා කියන හුඟ දෙනෙක් කම්බා හොරු කියලා දැන් රටම දන්නවා.
හොරු කියන අය කම්බ හොරු... අනික් අය හොරු අපි රහත් වෙලා ඉන්න කට්ටිය ... විශේෂයෙන් අනුරාධපුර ගෙයක් ගැන කියනවා. නැව් ගැන කියනවා. විදේශ විනිමය ගැන කියනවා... පක්ෂ අරමුදල් සෑම පක්ෂයකම හොයන්න.
ඉතා හොඳයි. මේ ආණ්ඩුව කාලේ නැතිනම්, කවදාවත් වෙන්නේ නෑ.
සතුටුයි අසාධාරණෙන් උපයපූ මුදල් ගැන පරීක්ෂණ කරන එක ගැන. ඒත් ඒක තමුන්ගේ විරුද්ධ වාදීන්ට විතරක් යොමු කරන්න හොඳ නෑ. අල්ලස් හා දූෂණ කොමිසම, මාලිමා ගෙදර මුර බල්ලෙක් නොවිය යුතුයි. විශේෂයෙන් කොමිසම ඩීල් දේශපාලනයට හවුල් නොවිය යුතුයි. තොන්ඩමන් ගැන තිබුණු පරීක්ෂණ සියල්ල නවතා දැමීම සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවීමට කුකූලාගේ සහාය ලබාගැනීමත් එකම දිනයේ සිදුවීම අරුමයක් නොවේද? කොමිසමේ ලොක්කන් ගැන සෙවීමට තවත් කොමිසමක් පත් කළ යුතු තැනට ආවොත් එය අභාග්‍යයකි...
පවිත්‍රා වන්නිආරච්චි සත පහකවත් වංචාවක් හෝ අයථා ලෙස මුදල් ඉපැයූ අයෙක් නෙවෙයි. ඇයගේ පවුලට ශක්තිමත් ධාර්මික ව්‍යාපාර දීර්ඝ කාලයක සිට හිමිව තිබෙනවා. ඇයගේ පියාගේ පෞද්ගලික මුදල් තමයි සිරිමා මැතිණියගේ කාලයේ සිට දේශපාලනයට වියදම් කළේ...
හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ලාගේ වත්කම් පරීක්ෂා කරන්න. හිමිකරුවකු නොමැති "මල්වානේ' ගෙදර වගේ ගෙයක් තියෙනවා කෝට්ටේ. ඒක හිටපු ආරක්ෂක ලේකම් වරයෙකුට අයත් බව කියන එකක්. ඒකේ ආරක්ෂාව දැනට ලංකාවේ ප්‍රමුඛතම ආරක්ෂක සමාගමක් (ඇවන්ට් ගාර්ඩෙ) මගින් ආරක්ෂාව යොදවලා තියෙනවා.