IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


’’දවසේ වෙඩිල්ල දවසේ ඇඬිල්ල වෙලා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දවසේ වෙඩිල්ල දැන් දවසේ ඇඬිල්ල බවට පත්වී ඇතැයි  බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී දිනිඳු  සමන් මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.

මත්ද්‍රව්‍ය හා තහනම් උත්තේජක සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම ක්‍රීඩාවටත් ව්‍යසනයක් වෙලා තිබෙනවා.මේ තහනම් උත්තේජක නිසා දීප්තිමත් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ජීවිතය අවසන් වූ අවස්ථා අප දැක තිබෙනවා.ඒ වගේම රටකට කළු පැල්ලම් එකතු කළ ඉතිහාසයක් අප දැක තිබෙනවා.ජාත්‍යන්තර වශයෙන් තිබෙන ක්‍රීඩා සැලකිල්ල වර්ධනය කිරීමට නම් රජයක් ලෙස අප ඊට සම්බන්ධ විය යුතුව තිබෙනවා.ක්‍රීඩාව මත්ද්‍රව්‍ය පාතාලය මේ සියල්ල ඒකාබද්ධ වී ගමන් කළ යුගයක් තිබුණා.මේ රටේ ක්‍රීඩාවට වාණිජ වටිනාකමක් ලැබුණු පසු දේශපාලනය හා ක්‍රීඩාව එකට බැඳී ගිය ආකාරයක් අප දුටුවා.ක්‍රීඩා සමාජ සල්ලි වලට ගෙන දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරපු අවස්ථා අප ඕනෑ තරම් දැක තිබෙනවා. දේශපාලනයට අපරාධ ගාවපු කූටප්‍රාප්ති අවස්ථාව රාජපක්ෂ යුගයයි. අයිස්ලන්ත කුමාරයාගේ පිටිපස්සෙ ඉන්න ජුලන්පිටියේ අමරෙ ගැන අප දන්නවා.කජ්ජා ගැන සාකච්ඡාවක් එනකොට අඬන්නෙ වෙන  කණ්ඩායම් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (6)

’’දවසේ වෙඩිල්ල දවසේ ඇඬිල්ල වෙලා’’

ගුණරත්න Tuesday, 07 October 2025 05:56 PM

දවස ගානේ මිනී මරණ එක විහිලුවක්ද මේ මන්ත්‍රීතුමාට...?

:       19       10

කෞෂිTuesday, 07 October 2025 06:27 PM

විහිළුවට මිණීමරපු, ඇටකෑලි හංගපු අයට දුක ඇති දැන්.

:       8       17

Perera Wednesday, 08 October 2025 05:28 AM

#gunarathna, දවස ගානේ මිනී මරාගන්නේ ජරාපක්ෂලාගේ ගෝලබාලයෝ.

:       5       4

අරවින්ද මොණරවිල Wednesday, 08 October 2025 01:53 PM

ගණේමුල්ලේ සංජීව කෙහෙල්බද්දර පද්මේ බැකෝ සමන් කුඩු සලිදු යන සියල්ලෝම පොහොට්ටුවන් සමඟ සම්බන්ධකම් තිබුණ බවට දැන් හෙළි වෙමින් පවතිනවා. ඒ නිසා තමයි ඔය ගලි නාලිකාවල් වලට දැන් දවසේ වෙඩිල්ල වැලිපිල්ලක් වෙලා තියෙන්නේ.

:       0       0

Lalith Wednesday, 08 October 2025 03:22 PM

හොදට එළ ගවයෝ ටික තප්පුලනවා.

:       0       2

ගුණරත්න Wednesday, 08 October 2025 03:23 PM

පෙරේරා මහත්තයා එහෙම කියන්නේ ආයුධ සංස්කෘතිය රටට හඳුන්වලා දුන්නේ කවුද කියලා මතක නැතිව වගේ. කොටි ත්‍රස්තවාදීන් කැරළි ගහන්නත් කලින් ආයුධ හදාගෙන රට අල්ලන්න මිනීමරන්න ගත්තේ කවුද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site