IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දිවුලපතානේ පවුල් 350ක් කොටුවෙති

(මදුශානි අබේසිංහ)

මාදුරුඔය පිටාර ගැලීම හේතුවෙන් දිඹුලාගල දිවුලපතාන ප්‍රදේශයට බලපෑ ඇති ගංවතුර නිසා එම ගම්මානයේ පවුල් තුන්සිය පනහකට ආසන්න  පිරිසක් කොටුවී සිටින බව මාදුරුඔය දකුණු ඉවුර ගොවින් සුරැකීමේ සංවිධානයේ සංවිධායක චන්දන කුමාර මහතා සඳහන් කරයි.

මේ වනවිට තම ගම්මානයේ ගංවතුරට කොටු වූ පවුල් කීපයක් ඔවුන්ගේ ඥාති නිවාසවලට ට්‍රැක්ටර් රථ මගින් මගින් ගමන් කරමින් සිටින අතර තවත් පිරිසක් යන එන මං නොමැතිව කොටුවී සිටින බවද චන්දන මහතා පැවසීය.

පොළොන්නරුව ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකෝන් මහතාගේ අප මේ පිළිබඳ කළ විමැසීමකදී සඳහන් කළේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරමින් එම පවුල් ට්‍රැක්ටර් රථ හා බෝට්ටු යොදා ගනිමින් ගංවතුරට කොටු වූ සිටින පවුල් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ඒමට පියවර ගෙන ඇති බවයි.

පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හයක පවුල් 113 ක පුද්ගලයන් 447 දෙනකු අවතැන් වී සිටින බවද අලහකෝන් මහතා කීවේය.

ඔවුනට අවශ්‍ය පිසූ හා වියලි ආහාර, අනෙකුත් සහන ඒ ඒ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ලබාදීමට පියවර ගෙන තිබෙන බවද අලහකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඉහළ ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ වැව් ජලාශවල වාන් දොරටු විවෘත කිරීමත් සමග මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගය මනම්පිටිය ගල්ලෑල්ල ප්‍රදේශයෙන් මාර්ගය තවදුරටත් වසා ඇති බවද රංජිත් අලහකෝන් මහතා සඳහන් කළේය.

 



අදහස් (0)

දිවුලපතානේ පවුල් 350ක් කොටුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 832 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site