
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වැඩිහිටියන් 500 කට දිවා ආහාරය ලබා දී පැවැත්විමට සුදානම් කර තිබු දේශපාලන රැස්විමක් පිලිබදව පොලිසියට තොරතුරු ලැබිමත් සමඟ එය සංවිධානය කළ නව දේශපාලන පක්ෂයක පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කරනු ලබන අපෙක්ෂකයකු එම ස්ථානයට මග හැර ගොස් ඇති බව සාලියවැව පොලිසියෙන් වාර්තාවෙයි.
මෙම දේශපාලන රැස්විම කරුවලගස්වැව ඉහල පුලියන්කුලම ප්‍රදේශයෙ වැඩිහිටි සමිතියක සභාපතිවරයකුගේ නිවසේ අද (28)සංවිධානය කර තිබු අතර එය මෙවර කලඑළි දුටු නව දේශපාලන පක්ෂයක පුත්තලම ප්‍රදේශයෙ ප්‍රසිද්ධ ප්‍රාදේශීය දේශපාලඥයකු විසින් සංවිධානය කර ඇති බව කියයි.
අදාල නිවසට කල් වෙලා ඇතිව පැමිණ සිටි අදාල අපෙක්ෂකයා අදාල වැඩිහිටියන් හමුවි ඔවුන්ට දිවා ආහාරය ලබා දෙමින් තමන්ට ජන්දය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමට සුදානමින් සිට ඇති නමුත් ඇතිවු කිසියම් සැකයක් මත කල් වෙලා ඇතිව එම ස්ථානයෙන් පිටව යාම සිදුව ඇති බවද වාර්තාවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය එසේනම් රංජන් රාමනායක කොහොමද කෑම සල්ලි බෙදන්නේ...? කෝ මැතිවරණ කොමිසම...?