(දයාරත්න ඇඹෝගම)
ලංකාවේ හත්වන විධායක ජනාධිපති ධූරයට මහජන ඡන්දයෙන් තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම්දීම හෙට (18) රුවන්වැලි සෑය ඉදිරිපිට දී සිදු කිරිමට නියමිතය.
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට ආගමික වතාවත් වලින් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද දිවුරුම් දීම සිදුවනු ඇත.
හිටපු ජනාධිපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක , විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දින සැමරුමට සමගාමීව මෙම උත්සවය සංවිධානය කර ඇත.
මෙම අවස්ථාවට පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ සියල්ලන්ගේම නායකයන් එක්විමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි නුවර එපා වෙලාද?
හොර මැරකම් නැති, ජාතිවාදය නැති රටක් ලබාදෙන්න...
සුභ පැතුම්! ඔබට රට දූෂණයෙන් තොරව පාලනය කරන්න ඕනේනම් 2015 ට පෙර රජයේ සිටි දූෂිතයන් නැවත ලංකර නොගත යුතුයි. ඔබගේ පවුලේ පිරිසද ඉවත් කළ යුතුයි.
එතකොට දැන් පුරවැසිකම ගැන ප්‍රශ්නේ ඉවරද?
දිවුරුම් දෙන්න යනකොට අර දකුණේ දුටුගැමුණු රජතුමාගේ අවතාරය බව කියන ආචාර්යතුමාගෙන් අවසර අරගන්න අමතක කරන්න එපා .
ඔබට දෙවි පිහිටයි ජනපති ගෝඨාභය රාජපක්ෂ. ඔබ අපගේ ජාතියේ බලාගොරොත්තුවයි. ඔබ පැහැදිලි ජයක් ලැබුවා. ඔබ ගැන ආඩම්බරයි. ජේසු පිහිටයි!
ගෝටාට අපගේ සුබ පැතුම් !!! අප නිදහස් අධ්‍යාපනයෙන් උපරිම පළ නෙලාගෙන අපගේ මාතෘභූමියට අවංකව සේවය කර, දැනටත් ලංකා මාතව වෙනුවෙන් මේ මොහොතෙත් විදේශයන්හි සේවය කරන්නෝය. අප අපගේ ලංකා මාතාවට කිසිදු ණයක් නැත. අප කිසිවිට රොකට් ඉල්ලන්නේ නැත. අපට අපගේ දු දරුවන් සමගින් යහමින් විදේශවල ජීවත්වීමට හොදින්ම පහසුකම් ඇත. නමුත් අපගේ අක්මුල් තිබෙන්නේ ලංකා මාතාවගේ හදවතේ බැවින් ඒ මවට කරදරයක් වෙනවා නම් එය අපට ඉතා හොදින් දැනෙන්නේය. එබැවින් අප "ගෝඨාට " කියන්නේ තමන් තමන්ට අවංකව රට වෙනුවෙන් සියලුම පුරවැසියන් වෙනුවෙන් තමන්ගේ සේවය කරන ලෙසය. මොකද ඔහුත් තුන් වේල ගිල දමන්නේ අහිංසක පුරවැසියන්ගේ බදු මුදලින් නිසායි. අවට සිටින සුදුරෙදි පෙරෝ ගත් හිවලුන්ගෙන් පරිසම් උනොත් අගටත් හොදය. තව අදහස් යහමින් ඇති බැවින් අප ඒවා ඉදිරියේදී කීමට කැමැත්තෙමු." හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී " යන සුන්දර ගීතය ගෝඨාටද වලංගුය.
තෙරුවන් සරණයි !
මේ ජය ගත්තේ ගෝඨා, මහින්ද හෝ පොහොට්ටුව නොවෙයි. මාතෘ භූමියත්, සිංහල ජාතියත් නිර්මල බුද්ධාගමත්ය. දේශපාලන කුහකත්වය ඉවත දමා සිංහලයිනි එකතුවෙන්න. රට ජාතිය ආගම ගොඩ ගැනීමට සමගි වෙන්න.
දුමින්ද සිල්වාව නිදහස් කර නැවත ආරක්ෂක අධීක්ෂණ තනතුරක් දෙනවාද?
දිවුරුම් දෙනකොට අයියාව සහ හොර රංචුව පිටිපස්සෙන් තියාගන්නේ එහෙම නැහැ හොදේ.
ඔබට සුබ පැතුම්!!! නමුත් එක දෙයක් කියන්න ඕනෑ.. මේ රට රාජපක්ෂ බූදලයක් කියලා හිතලා නම් වැඩ කරන්න එපා. මේ රට ඔබේත් රට... මගේත් රට.. 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමාට වැරදුනේ ඔතන.. පුතාලා බාල් නටන්න රේස් පදින්න.. අතොරක් නැතුව සැප වින්දා.. එ්කෙන් මිනිස්සුන්ට එපා වුනේ... කරුණාකරලා මිනිස්සු දුන්නු ජනවරම අත්තනෝමතික විදිහට පාවිච්චි කරන්න එපා... මිනිස්සුන්ට හොඳින් තම තමන්ගේ දේවල් කරගෙන හොඳින් ජීවත් වෙන්න.. 2020 මම හිතනවා මේ රට ලෝකෙම කතාකරන හොඳ තැනක් වේවි කියලා.. ඒ ධෛර්යය, ශක්තිය ලැබෙන්න කියලා ජයසිරි මහා බෝ හාමුදුරුවන්ගේ පිහිට, ආරක්ෂාව ඔබට ලැබේවා...!!!