(ඉන්දිකා රාමනායක)
දිවයිනම ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 15000ට අධික පිරිසක් යොදවා සිදුකළ විශේෂ මෙහෙයුමකින් විවිධ වැරදි සම්බන්ධ සැකකරුවන් 3139 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම මෙහෙයුමේ දී බීමත් රියදුරන් 659ක්, මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් 1355 ක්, ,වරෙන්තු හා විවෘතවරෙන්තු කරුවන් 638 ක්, ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් 11 දෙනකු, , විවිධ වැරදි සම්බන්ධයෙන් 97ක් වශයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත..
මෙම මෙහෙයුමට පොලිස් නිළ සුනඛයන් 55 දෙනකු ද යොදා ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd