IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දිවියා පැන්නාම ඇළට වැටී දවස් 2ක්ම ගහක් උඩ

(නිමල් ජයරත්න)

දර කැඩීමට ගිය අවස්ථාවේ දිවියකු ඇඟට පැනීම හේතුවෙන් අසල වූ ඇළකට වැටී කිලෝ මීටර් නවයක් පමණ දුරට ගසාගෙන යද්දී මයිල ගසක එල්ලී දින දෙකක් රැඳී සිටි ගැමියකු බේරා ගැනීමට ප්‍රදේශවාසීහු පිරිසක් සමත් වූහ.

අනතුරට මූණ පා ඇත්තේ මනම්පිටිය මාගංතොට ගම්මානයේ පදිංචි 66 වියැති කේ. ඩබ්ලිව්.රංජිත් පෙරේරා නමැත්තකු බව ද පොලිසිය කියයි.

ඔහු ඉකුත් පළමු වැනිදා උදෑසන මාගන්තොට කැලෑබද ප්‍රදේශයට දර කැඩීම සඳහා තනිවම යද්දී දිවියකු ඇඟට පැන ඇති අතර ඒ සමගම ඔහු අසල වූ ඇළට වැටී සැඩ පහරට අසුව ගසාගෙන ගිය බව ඔහු පැවැසීය.

වතුරට වැටී කිලෝ මීටර් නවයක් පමණ ගසා යද්දී ඔහු මයිල ගසක එල්ලී ඇති අතර ඔහු අතුරුදන් වීම සම්බන්ධයෙන් බිරිඳ වන ෆාතිමා උම්මා මහත්මිය මනම්පිටිය පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.

ඔහුගේ අතුරුදන් වීම දැන ගත් මාගංතොට ගම්මානයේ තරුණයන් ඇතුළු පිරිසක් කැලෑව පීරන්නට වූ අතර රංජිත් පෙරේරා මහතා කරපොළ ප්‍රදේශයේ අඩි 12ක් පමණ උසැති මයිල ගහක සිටින අයුරු ගම්වාසීන් දැක ඇත. පසුව තරුණ පිරිස ඔහු කිලෝ මීටර් දහයක් පමණ කරේ තබාගෙන නිවෙසට ගෙනැවිත් ඔහුට අවශ්‍ය ආහාර සහ සීතල තැබීමට ගිනිමැලයක් සකසා දී තිබේ.

එමෙන්ම දින දෙක ඇතුළත තමන් මයිල ගහේ කරල් සහ පොතු ගලවා ආහාරයට ගත් අතර තමන්ගේ ඇඟට දිවියකු පැනීමෙන් අනතුරුව තමන් වතුරට වැටී ගසාගෙන ගිය බවත් එහිදී තමන් මයිල ගහක් අසල රැඳීමෙන් අනතුරුව මයිල ගහට ගොඩවී දින දෙකක් ගත කළ බවද, රංජිත් පෙරේරා මහතා කීය.

 



අදහස් (3)

දිවියා පැන්නාම ඇළට වැටී දවස් 2ක්ම ගහක් උඩ

ඉලේපෙරුම Wednesday, 03 January 2024 07:17 PM

මොකක් ද ‍මේ "සීතල තැබීමට ගිනිමැලයක්" සකසා දුන්නා කියන්නේ.

:       0       5

hesa Thursday, 04 January 2024 12:28 AM

ඔය ගමේ 3 wheel එකක් නැද්ද කිමී 10 ක්ම පයින් යන්නෙ

:       1       1

Lalla Thursday, 04 January 2024 07:43 AM

ගභට නැගපු එකාට බහින්න බෑ..... බිලාලයෙක්.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site