
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයේ 06 වැනි පෙරහර ආරම්භ වීමට පෙර කාවඩි පෙර මඩු බැසීමේ චාරිත්‍රයේ නිරත පුද්ගලයන් පරික්ෂා කිරිමේ දී ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගෙන සිටි තිදෙනකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව දකුණු පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා පැවසීය.
මීගමුවේ සිට කාවඩි නර්ථනාංගය සදහා සහභාගී වීමට දෙවිනුවරට පැමිණ සිටි කාවඩි කණ්ඩායමක් පරික්ෂා කිරිමේ දී එම මත්ද්‍රව්‍ය හමු වී තිබේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් එම සැකකරුවන් තිදෙනා හෙට (29) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
දෙවිනුවර දේවාලයේ අද පැවැත්වීමට නියමිතව තිබු කාවඩි පෙරහර පිලිබදව පසුගිය දිනවල රට තුල දැඩි කතාබහක් ඇති විය.
ඒ ගියවර මත්ද්‍රව්‍ය හා අශෝභන ලෙස හැසිරුණු බවට හදුනාගත් කාවඩි කණ්ඩායම් කිහීපයක් ඉවත් කොට සීමිත කණ්ඩායම් සංඛ්‍යාවකට ඉඩ ලබා දීමට බස්නායක නිලමේවරයා ඇතුළු පෙරහර කමීටුව තීරණය කිරීම නිසාය.
එම තීරණයට පක්ෂව හා විපක්ෂව දෙවිනුවර නගරයේ දී විරෝධතා පැවති අතර පසුව සංවිධානාත්මක අපරාධකරුවකු වු කංජිපානී ඉම්රාන් නැමැත්තා යයි කියන පුද්ගලයකු දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ තිලිණ මධුශංක මහතා මරණ තර්ජනය කරමින් සියලුම කාවඩි කණ්ඩායම්වලට අවස්ථාව සලසා දෙන ලෙසත් එසේ නොවුනහොත් නිලමේවරයාගේ අවසන් පෙරහර මෙය බවට පත් කරන බවටත් වු හඩපටයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණි.
ඊට ප්‍රතිචාර ලෙස සංවිධානාත්මක අපරාධකරුවකු වු දෙහිගෙදර බාලේ මල්ලී නැමැත්තාද දෙවිනුවර පෙරහරට අත තිබ්බොත් වලවල් 10 ක් කපා ගෙන සිටින ලෙසට කංජිපානී ඉම්රාන් නැමැත්තාට අභියෝගයක් එල්ල කර තිබුණේය.
ඒ අතරතුර දෙවිනුවර දේවාලය පිටුපස නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ අතර එහි වගකීම දෙහිබාලේ මල්ලී නෑමැත්තා විසින් භාර ගත් බවට ද හඩපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
ඒ අනුව දෙවිනුවර කාවඩි පෙරහර සම්බන්ධයෙන් ඇති වී තිබෙන අනාරක්ෂිත තත්වය පිලිබදව ලැබුණු බුද්ධි වාර්තා පදනම් කර ගනිමින් 06 පේලි පෙරහරෙන් කාවඩි අංගය ඉවත් කරන ලෙස පොලිස්පතිවරයා පසුගිය 26 වැනිදා මාතර මහ දිසාපතිවරයා වෙත නිර්දේශයක් එවා තිබිණි.
පසුව එම තහනම ඉවත් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd