
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ දෙවන ස්වභාවික වායු විදුලි බලාගාරය මුතුරාජවෙල ඉදිකරන බව නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
එහි ඉදිකිරීම් කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට නියමිත අතර එහි ඉදිකිරීම් කටයුතු අවසන් වන්නේ 2026 වසරේදීය. මෙමගින් ජාතික විදුලිබල පද්ධතියට අලුතින් එකතු වන විදුලි ධාරිතාවය මෙගාවොට් 350 කි. එය ඉදිකිරීමට වැය වන මුදල රුපියල් මිලියන 750 ක් වේ.
මෙම බලාගාරය ඉදිකිරීම් සදහා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් මුතුරාජවෙල පිහිටි අක්කර 10ක ඉඩමක් ලබා දී තිබේ. මෙම ඉඩම ලබා දීමට අදාළ ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පරිශ්‍රයේදී සිදු කෙරිණ.
ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙනුවෙන් එහි සභාපති රියර් අද්මිරාල් හිරාන් බාලසූරිය මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති නලින්ද ඉලංගකෝන් මහතා ගිවිසුම සදහා අත්සන් තැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළද පොලේ තිබෙන ගණන් වල හැටියට නම් 350 MW බලාගාරයක් හදන්න අඩුම ගණනේ ඩොලර් මිලියන 350 යනවා. විනිමය අනුපාතය 1 ඩොලර් = රුපියල් 325 ක් වුවොත් ප්‍රාග්ධන වියදම අඩුම ගණනේ රුපියල් බිලියන 113.75ක් වෙනවා. රුපියල් මිලියන 750ට ඕක කරන්න බැහැ. වාර්තාකරු ගණන් හිලව් පලකරන්න ඉස්සෙල්ලා සත්‍යාපනය කරගන්න ඕනේ වගකිවයුතු නිලධාරීන්ගෙන්...!
මොකක්ද ඔය වායු බලාගාරය කියන්නේ කියලා තේරුමක් නැහැ. අපිට හිතන්නේ ස්වාභාවික වායුව කියන්නේ සුළඟට කියලා තමයි... ඒත් මෙතැන සුළං බලාගාරය කියලා නැහැ... එනිසා තමයි පැහැදිලි නැත්තේ. ඔය කියන වායුව ලංකාවේ නැත්නම් මොකටද සූර්ය බලශක්තිය නොගෙන රටින්ම ගේන දෙයක් ගැන විශ්වාස කරන්නේ...!
ගුවන්තොටුපලට අහස්යානා පිවිසෙන මාර්ගය අසල විදුලි බලාගාර ගොඩනගන්න ලංකාවේ ඉන්න මොට්ටපාලලා වෙන්න ඇති. සුළු කලකට පෙර හදිසි අවස්ථාවකදී ගුවන් යානයක් කළ විනාශය ඉක්මණට අමතක වෙලාද?