(අංජුල මහික වීරරත්න)
ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් පත් කිරීම සුදුසු නැති බවට වන වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙි 21වැනි සංශෝධනයට ඇතුළත් කර තිබේ.
21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ 91 (1)(xiii) වන උප ඡේදයේ මෙම සංශෝධනය ඇතුළත් කර ඇත.
21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට 19 වැනි සංශෝධනයේ ආකෘතිය ගෙන ඒමෙන් ස්වාධීන කොමිෂන් සභාවලට යළි ස්වාධීනව ක්‍රියාත්මක වීමට හැකි සංශෝධන ද මීට ඇතුලත් කර තිබෙි.
20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අක්‍රීය කර තිබු ප්‍රසම්පාදන සහ විගණන සේවා කොමිෂන් සභා යළි ක්‍රියාත්මක කිරිමටත් බලය හීන කර තිබූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, මැතිවරණ කොමිසම සහ පොලිස් කොමිසම, නැවතත් ස්වාධීනව පවත්වා ගෙන යාමට හැකි වන ආකාරයේ සංශෝධනත් 21 වන සංශෝධනයට ඇතුළත් කර තිබේ.
ජනාධිපතිවරයා සතු බලතල වලින් සෑහෙන ප්‍රමාණයක් ස්වාධීන කොමිෂන් සභා වලටත් ව්‍යවස්ථාදායක සභාවට සහ කැබිනට් මණ්ඩලයටත් පැවරීම මගින් ජනාධිපතිවරයාගේ බලතල අඩු කිරීමෙි සංශෝධන ද 21වන සංශෝධනයට ඇතුලත් ය.
කැබිනට් ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් පත් කිරීමේදී ජනාධිපතිවරයා අගමැතිවරයාගෙන් උපදෙස් ලබා ගත යුතු බවට වන සංශෝධනයක් ද ඇතුළත් වෙයි.
21 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පළාත් සභා සම්බන්ධයෙන් කිසිදු සංශෝධනයක් ඇතුළත් නොවේ.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව යළි පිහිටුවීම සම්බන්ධයෙන්ද 21 වැනි ආණ්ඩු ක්‍රම සංශෝධන කෙටුම්පතේ සඳහන් වේ.
එහි සාමාජිකයින් වශයෙන් අගමැති, කතානායක,විපක්ෂ නායක සහ අගමැතිවරයා සහ විපක්ෂ නායක යන දෙදෙනා නම් කරන ජනාධිපතිවරයා විසින් පත් කරන ලබන පස් දෙනෙකුගෙන් සමන්විත විය යුතු අතර එම පස් දෙනාගෙන් දෙදෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතුය. අනෙක් තිදෙනා පොදු හෝ වෘත්තීය ජීවිතයේ කැපී පෙනෙන කීර්තිමත් සහ අවංකභාවයක් ඇති කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයින් නොවන පුද්ගලයන් විය යුතුය.
ව්‍යවස්ථා දායක සභාවට පත් කරන එම සාමාජිකයින් පස් දෙනාගේ ධුර කාලය වසර තුනකි.
ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයින් ජනාධිපතිවරයා විසින් පත් කළ යුත්තේ මෙම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත පමණි.
ස්වාධීන කොමිෂන් සභා වල සභාපති ධුරය සඳහා ව්‍යවස්ථා දායක සභාව තිදෙනකු නිර්දේශ කළ යුතු අතර ඒ අතරින් එක් අයකු පත් කිරීමෙි බලය ජනාධිපතිවරයා සතු වෙි.
මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, විගණන සේවා කොමිසම,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මුදල් කොමිසම, සීමා නිර්ණය කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම මෙලෙස බලාත්මක කෙරෙන කොමිෂන් සභාවේ.
නීතිපති, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) සහ පාර්ලිමේන්තු මහලේකම් යන තනතුරු සඳහා ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත පත්විම් සිදු කළ යුතුය.
අගමැති ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා අස්වන්නේ නම් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන්නේ නම් මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ අමාත්‍ය මණ්ඩලය ක්‍රියාත්මක වන කාලය පුරාවටම අග්‍රාමාත්‍යවරයාට දිගටම ධූරයේ කටයුතු කළ හැකි බවද 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම සුදුසු නැති බවට "වන වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21වැනි සංශෝධනයට ඇතුළත් කර තියෙන එක ඇත්ත වෙන්න පුළුවන්. ඒ වුණාට" ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකාවේ ජනාධිපති තනතුරට පත්වීමට සුදුසු නැත.." කියලා වගන්තියක් ඔය අටමඟලේ නැහැ නේද?...
මේකෙ අන්තිම කෑල්ල නම් ටිකක් අන්ජබජල්... අගමැතිට අප්සට් ගියත්, එහෙම නැතිනම් රටට ඇතිකරන තීරණ ගත්තත් අස්කරන්න ක්‍රමයක් කොහේවත් නැහැ. රටේ මිනිස්සුන්ටත්, අධිකරණයටවත් එවැනි බලයක් නැහැ කියන්නේ ඒකෙ අධිපතිම තමයි..
"ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීම සුදුසු නැති බවට වන වගන්තියක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙි 21වැනි සංශෝධනයට ඇතුළත් කර තිබේ" එතකොට... රටේ ජනාධිපති, අමාත්‍යාංශ ලේකම්, සංස්ථා සහාපති, මහ බැංකු අධිපති, දෙපාර්තමේන්තු ප්‍රධානී... වගේ නානාප්‍රකාර ඉහළ තනතුරු දරන්න ද්විත්ව පුරවැසියන්ට බාධාවක් නැහැ. නේද..? කොහොමත් අපේ රටේ ව්‍යවස්ථාව කියන්නේ මෝරු රිංගන හාල්මැස්සන් හිරවෙන අමුතු හිල් තියෙන එකක්නේ...!
ජනාධිපති නීතියට යටත් වියයුතු බවට වගන්තියක් මෙම සංශෝධනවලට ඇතුළත් නොවන්නේ ඇයි?
නරියා සහ කපුටා කතා වස්තුව. ඕවා සකස් කරන්නේ හොඳට නීතිය ගැන දන්නා නරි...! මොන විදිහට තිබුණොත්ද කපුටාට බේරිලා යන්න පුළුවන් කියලා නරියන් හොඳින් බලනවා. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි අයෙකුට නම් මෙය බලපාන්නේ නෑ. එහෙම නැත්නම් නඩු කියලා දිනන්න පුළුවන් විදිහේ පොඩි වචනයක් පටලවලා දාලා... එහෙමත් නැත්නම් මෙය සම්මත වෙන දිනයේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටී නම් ඔහුට බල නොපාන විදිහටයි ඕවා හදන්නේ...!
ද්විත්ව පුරවැසි ප්‍රශ්නය පටන් ගත්තේම රාජපක්ෂලා රටට කරපු විනාශය නිසයි. මොවුන්ගෙන් හැර කිසිම ද්විත්ව පුරවැසි දේශපාලකයෙකුගෙන් මේ රටට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කියනවා ද්විත්ව පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තහනම් කියලා. යහපාලනයෙන් පස්සේ ආපහු මිනිස්සුන්ව රවටලා, නයි පෙන්වලා, බෝම්බ ගහලා ආපහු රාජපක්ෂලා බලය අරගෙන ගෝඨාභය ජනාධිපති වුණා. ඊට පස්සේ 20 වෙනි සංශෝධනය ගෙනැල්ලා අර පුරවැසි නීතිය යටපත් කළා. බැසිල්ව ගෙන්නාගන්න තමයි රාජපක්ෂලා 19වැනි ව්‍යවස්ථා සංශෝධනය යටපත් කරලා 20 ගෙනාවේ. දැන් ආයෙත් රනිල් ව්‍යවස්ථා විරෝධී විදිහට අගමැති වෙලා 21වෙනි සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියන්ට දේශපාලනයට ඒමට වැට බඳින්න යනවා. හැබැයි ඔහු වැට බඳින්න යන්නේ බැසිල්ව ඇතුළේ තියාගෙනනම්... දැනට රටේ තිබෙන උද්ඝෝෂණ රැල්ල වැඩිවෙලා, මිනිස්සුන්ගේ ඉවසීම අවසන් වෙලා දේශපාලුවන් ගුටිකා මහපාරේම මියයන තත්වයකට එන්න පුළුවන්...!
පළාත් සභා අහෝසි කිරීමත් ඇතුළත් කළොත් මේ රට නාස්තිය නැතිව සංවර්ධනය කරන්න හැකියාව ලැබේවි.. වෙනත් ව්‍යවස්ථා සංශෝධනයක් මගින් හෝ පළාත් සභා අහෝසි කළ යුතුයි..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න අවශ්‍ය වුණේ කාටද? ජනතාව ඉල්ලන්නේ ඉන්ධන, ගෑස්, ඖෂධ වර්ග සහ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන ලෙසයි.
හා... බලාගෙන ඉන්නකෝ කට්ටිය 21ට අත උස්සයිද කියලා... මොල හතා වඩම්මවාගෙන එන්න බලන් ඉන්න වන්දි භට්ටයෝ එක්කද මේ සංශෝධන ගේන්න යන්නේ... ගෝඨා ගෝ ගම වහන්නේ නැහැ..
මොනවා ගෙනැල්ලත් වැඩක් නැහැ. ඔය ඉන්න 225ම එක මල්ලෙ පොල්... සත පහකට වැඩක් නැහැ.
නියමයි... බුද්ධිමත්, අවංක මිනිස්සුන්ගේ සාමූහික තීරණවලින් තමයි රට ගොඩනගන්න පුළුවන්... ඔය ඔක්කොම තිබ්බ ඒවා හොරු ටික නැති කළානේ..
අශ්වයා නම් පැනලා ගියා. ඒත් කමක් නෑ, දැන්වත් ඉස්තාලය වහලා දාමු.
බොරුවට රණ්ඩු වෙවී ඉඳලා 2024 අවසානයේදී කියයිද දන්නේ නැහැ 21 ඕනේ කියලා...