IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


‘‘ද්විත්ව පුරවැසියන් රටින් පැන්නාට ජනතාව ඉන්නේ ලොකු අවදානමක‘‘

(අංජුල මහික වීරරත්න)

කොරෝනා වසංගතය උග්‍ර තත්ත්වයට එන විට ද්විත්ව පුරවැසියන්ට රටින් පැන දිවි බේරා ගන්නට හැකියාව තිබුණ ද ශ්‍රී ලාංකේය පුරවැසියන්ට පැන යන්නට තැනක් නැති හෙයින් ආණ්ඩුව දැන්වත් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම බාරගත යුතුව ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති එ.ජා.ප. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි

‘මට තමයි කරන්න පුළුවන් කියා’ පුරසාරම් කී ජනපති ඇතුළු ආණ්ඩුවේ කෙරුවාව දැන් ජනතාවට හොඳින් පැහැදිලි වී තිබෙතැයි ද සමන් රත්නප්‍රිය මහතා කියයි

පුංචි බොරැල්ල, හෙද සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී සමන් රත්නප්‍රිය මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.

“ඉන්දියාව යනු අපට ඉතා පමීප රටක්. මේ තත්ත්වය යටතේ ඉන්දියාව සහ අප රට අතර විශාල වශයෙන් සබඳතා තිබෙනවා. ඒ නිසා ඉන්දියාවේ තිබෙන අලු‍ත් වයිරස් ප්‍රභේද අප රටට පැමිණීම වළක්වා ගන්න අසීරුයි.

නිරෝධායනය සඳහා ඉන්දියානුවන් මෙරටට කැඳවාගෙන නිල වශයෙන් වයිරස් ලංකාවට ගෙන්වා ගන්නා ආකාරය අප දුටුවා. යුක්රේන ජාතිකයන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන්වා ගන්නවා වගේම ඉන්දියානුවන් ද ගෙන්වා ගත්තා. එමෙන්ම මුහුද හරහා ඉන්දියානුවන් නොනිල මට්ටමින් ද ලංකාවට එනවා. මේ තත්ත්වය තුළ ලංකාව බරපතළ අර්බුදයකට ලක්ව තිබෙනවා.

අද වනවිට ඉන්දියාවේ Black Fungus (කළු දිලීර) රෝගය ද ව්‍යාප්ත වෙමින් තිබෙනවා. කොරෝනා රෝගීන්ට මෙම කළු දිලීර රෝගය වැළඳුනහොත් මරණීය තත්ත්වයට පැමිණිය හැකි බව වාර්තා වෙනවා. දිලීර වසංගතය ලංකාවට පැමිණීමේ බරපතළ අවදානමක් තිබෙනවා.

කොරෝනා වසංගතයට අමතරව කළු දිලීර වසංගතයත් ලංකාවට ආවොත් ලංකාවේ තත්ත්වය තවත් බරපතළ විය හැකියි.

ආණ්ඩුවට මේ ගැන අවධානයක් තිබෙනවා ද? මේ ගැටලු‍ සම්බන්ධයෙන් පිළිතුරක් සෙවීමට සෞඛ්‍ය අංශ බලධාරීන් දිගින් දිගටම කටයුතු කරනවා. ඒත් ආණ්ඩුවට එවැනි වුවමනාවක් තිබෙන බවක් පෙනෙන්නට නැහැ.

ආණ්ඩුව එන්නත ගෙන ඒම සම්බන්ධයෙන් ද පවතින්නේ දුර්වල තත්ත්වයක්. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව නොයෙක් කතන්දර කියමින් සිටිනවා. විවිධ රටවලින් එන්නත ගෙනා බව කියනවා. ඒත් ඇත්ත කාරණය වන්නේ ඒ කිසිවක් නිවැරැදිව නොකළ බවයි. මේ සියලු‍ම රටවලින් එන්නත් ගෙනැවිත් ඇත්තේ දොළොස් ලක්ෂ අසූ දහසක් පමණයි. මෙයින් නව ලක්ෂයකට පමණ ආණ්ඩුව පළමු මාත්‍රාව දුන්නා.

අද වනවිට එම නව ලක්ෂයට දෙවැනි මාත්‍රාව දෙන්න නොහැකි වෙලා. ඒ තත්ත්වය යටතේ ජනතාවට යන කල දවස කුමක් ද?

ආණ්ඩුව කළ දේශපාලන වරද නිසා ජනතාව බරපතළ අවදානමකට ලක්ව සිටිනවා. එමෙන්ම ජනතාව බරපතළ ලෙස විඳවමින් සිටිනවා. එය ඉතා නරක තත්ත්වයක් බව කිව යුතුයි.

අප මෙරටට එන්නතක් ඇනවුම් කරන ලෙස ඉල්ලා සිටියේ පසුගිය වසරේ අගෝස්තු මාසයේදීයි. මේ ආණ්ඩුවට 2021 පෙබරවාරි මසය වන තෙක් එන්නත ජනතාවට දෙන්න නොහැකි වුණා. මාස දෙකක් ඇතුළත රටේ ජනගහණය සියයට විස්සකට එන්නත දිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසනවා. ඒත් ලංකා ආණ්ඩුව ප්‍රමාණවත් ලෙස එන්නත ගෙනාවේ නැහැ.

ජනගහණයෙන් සියයට 20කට දෙන්න එන්නත් මාත්‍රා ලක්ෂ අසූ අටක් ගෙන ආ යුතු වුවත් ගෙනාවේ එන්නත් ලක්ෂ 12ක් පමණයි. ඇමෙරිකාව, චීනය, රුසියාව වැනි රටවල් පවා එන්නත ගැනීම සඳහා අපට ආධාර දෙන අයුරු දුටුවා. ලෝක බැංකුව රුපියල් බිලියන 16.1ක ආධාරයක් දී තිබෙනවා. ඒ මුදල ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ 201ක් ලංකාවට ගෙන එන්න ප්‍රමාණවත් වෙනවා. මේ මුදල හරියට භාවිත කළොත් ජනගහණයෙන් සියයට හතළිහකට වඩා එන්නත දෙන්න හැකියි.

දේශපාලකයන්ගේ අරමුණ වන්නේ එන්නත දෙනවා වෙනුවට ආර්ථිකය ගොඩ ගැනීමයි. ඇතැම් ද්විත්ව පුරවැසියන් අද රටින් පැන ගිහිල්ලා. ඔවුන් රටවල් දෙකේම අඩිය තබාගෙන ලංකාවේ දේශපාලනය මෙහෙයවන්න උත්සාහ කරනවා. අද ද්විත්ව පුරවැසියන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් රටින් පැන යන්න තරම් දරුණු වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා.

අපේ රට හොඳ තත්ත්වයේ තිබියදී ද්විත්ව පුරවැසියන් ලංකාවට පැමිණෙන අයුරු දුටුවා. දැන් ඔවුන් ලංකාව හැර යනවා. මේ අයට එහෙම එහාට මෙහාට පනින්න හැකි වුණත් අපේ අහිංසක ලාංකේය පුරවැසියන්ට එහාට මෙහාට පනින්න හැකියාවක් නැහැ. ආණ්ඩුව ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම ගත යුතුයි.

මේ මොහොතේ මූලික වන්නේ ආර්ථිකය නොවෙයි ජනතාවගේ මිනිස් ජීවිතයි. මුලින් ජීවිත ආරක්ෂා කරගතහොත් පසුව ආර්ථිකය ඇතුළු අනිත් සියල්ල හදාගන්න හැකියි. අද වනවිට ආණ්ඩුව ජනතාවගේ ජීවිත දෙවැනියට තබා ආර්ථිකය රැක ගැනීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනවා. මෙය ඉතා අසාධාරණ මෙන්ම අසාර්ථක ක්‍රියාවලියක් බව පැහැදිලියි.

පෞද්ගලික අංශයටත් එන්නත දෙන්න අවස්ථාව දුන්නා නම් රටේ සැලකිය යුතු ජනගහණයකට මේ වනවිට එන්නත දෙන්න තිබුණා. පෞද්ගලික අංශය සමග මේ අය බිස්නස් කළා මිස ජනතාව අර්බුදයෙන් මුදාගැනීම සඳහා පෞද්ගලික අංශය සහභාගි කරගන්න කටයුතු කළේ නැහැ.”

 



අදහස් (5)

‘‘ද්විත්ව පුරවැසියන් රටින් පැන්නාට ජනතාව ඉන්නේ ලොකු අවදානමක‘‘

Dil Perera Monday, 17 May 2021 04:36 PM

දවස් 10ක් පත්කළ මන්ත්‍රී හැටියට සිට, අතිවිශාල වටිනාකමක් සහිත වූ වාහන බලපත්‍රයක් ගත් වෘත්තීය සමිති නායකයා නේද මේ? මෙයාලගේ පස්සේ යන මෝඩ ජනතාවත්, වෘත්තිකයිනුත් ඉන්න රටක්නේ මේක.. ආචාර්ය එන්.එම්. පෙරේරා, බාලා තම්පෝ, පර්සි වික්‍රමසේකර, ධර්මසිරි ද අල්විස් වැනි නායකයන් දෙස බැලුවාම මේ අය පල් හොරු...

:       3       9

හොර තක්කඩි Tuesday, 18 May 2021 02:06 PM

ඊශ්‍රායලය දේශපාලන නායකයින් දින හයේ යුද්දෙන් රට බේරගත්තා. දින 10ක් දියවන්නා වටවන්දනාවේ ගිහින් මහජනයාගේ මුදල් කෝටි ගාණක වංචාවක් කළා. දියවන්නාවට එන්න පාර කපපු කෙනා සියලු වරප්‍රසාද ආරගෙන ස්විට්සර්ලන්තයට පැනලා ගියා...

:       1       3

RaveendraTuesday, 18 May 2021 02:46 PM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදියි. මෙවන් හිස් පංචස්කන්ධයන් හිතාගෙන ඉන්නේ මුළු ලෝකෙම දේශපාලනය දන්නවා කියලා. මෙයා දන්නේ නැහැ මෙයා වෙදාගේ ළඟම කේවට්ටයා කියලා. නොදකින් මේ වගේ හාල්පාරුවෝ...

:       0       1

Raveendra Tuesday, 18 May 2021 04:28 AM

දියවන්නාව පට්ටියේ පිහිටා ඇති වාචාලයන්ගේ සංගමයේ නවතම සාමාජිකයත් නරකම නැහැ....

:       1       5

nimal Tuesday, 18 May 2021 10:57 AM

ද්විත්ව පුරවැසියන් රටින් පැන්නාට වරදක් කර ඇතිනම් ඕනෑම වෙලාවක නැවත ගෙන්වා ගැනීම ඕනෑම රජයක වගකීමක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 288 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 138 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම



කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට
2025 මැයි මස 02 877 1

මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ


’’සංක්‍රමණ’’ ජාත්‍යන්තර සංවිධානයෙන් ලංකාවට අත-හිත
2025 මැයි මස 02 183 0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන


අපේ අයගේ සාත්තුවට ඊශ්‍රායලය වශී වෙයි
2025 මැයි මස 02 1678 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්‍


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 459 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 116 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site