IMG-LOGO

ද්විත්ව පුරවැසිභාවයට අයදුම්පත් විසි දෙදහසක් හිරවෙලා

(සුජිත් හේවාජුලිගේ )

ද්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම්පත්‍ර විසි දෙදහස්  තුන් සිය අසූ අටක් (22,388 )  ලැබී ඇතත්  විවිධ හේතු මත   ඒවායේ කටයුතු නිම කිරීම ප්‍රමාද වී ඇතැයි  රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා ) තොරතුරු අනාවරණයවිය.

මේ ඉල්ලුම්පත් ලැබී තිබුණේ 2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා වසර දෙකක කාලයේදීය.

එහෙත් මින් කටයුතු නිම කර තිබුණේ අයදුම්පත් 10077ක පමණක් බව එහිදී හෙළිවී ඇත.

මුදල් ගෙවීමේ ප්‍රමාදය ලියකියවිලි අඩුපාඩු ,ආරක්ෂක නිෂ්කාශන සහතික ප්‍රමාදවීම,අයදුම්පත් විශාල ප්‍රමාණයක් අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා එකවර ඉදිරිපත් කළ විට අමාත්‍යවරයාගේ අත්සන ලබා ගැනීම ප්‍රමාද වීම වැනි හේතු මත ද්විත්ව පුරවැසිභාවය ලබාදීම ප්‍රමාද වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එම කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

එක් අයෙකු හෝ දෙදෙනාම ශ්‍රී ලාංකිකයන් වන මවුපියන්ට දාව විදේශ රටවල උපත ලැබූ දරුවන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇති ප්‍රමාදයන් හා ගැටලු පිළිබඳව  අවධානය යොමු කළ කාරක සභාව  මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවට නිලධාරීන්ට නිර්දේශ කළේය.



අදහස් (1)

ද්විත්ව පුරවැසිභාවයට අයදුම්පත් විසි දෙදහසක් හිරවෙලා

laki Saturday, 04 June 2022 08:44 PM

ද්විත්ව පුරවැසිභාවය සම්පුර්ණයෙන්ම අත් සිටවලා දාන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 396 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 87 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 273 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site