IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දේවගැති ජෙරොම්ගෙන් පෙත්සමක්

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

තමන් මෙරටට පැමිණි වහාම අත් අඩංගුවට ගැනීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් තමන් අත් අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

බුද්ධාගම සහ වෙනත් ආගම්වලට අපහාස වන ප්‍රකාශ මහනුවර සම්මන්ත්‍රණයකදී සිදු කරන ලදැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර මේ පිළිබඳ තොරතුරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි පෙත්සම්කාර දේවගැතිවරයා කියා සිටියි.

ඊට අමතරව තමන්ට මෙරටින් පිටවීමේ තහනම් නියෝගයක්ද අධිකරණයෙන් ලබා ගෙන ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සමෙහි සඳහන් කර ඇත.

මේ අතර ආගමික නායකයන් පිරිසක් පෙත්සම්කරු අත් අඩංගුවට ගෙන නඩු පවරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

 



අදහස් (0)

දේවගැති ජෙරොම්ගෙන් පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site