
(ඩයනා උදයංගනී)
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ කොටසක් වෙනත් ස්ථානයකට ගෙනයාමේ උත්සාහයක් ඇතැයි දේවි බාලිකාව සුරැකීමේ සංවිධානය පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විජයාරාම විද්‍යාලය දේවි බාලිකා විද්‍යාලයට පවරාගෙන එහි උසස් පෙළ විද්‍යා හා ගණිත අංශයක් එම විද්‍යාලයට ගෙනයාමට තීරණයක් ගෙන ඇති බවත්, එම තීරණ විදුහලේ විදුහල්පතිනිය, ගුරු මණ්ඩලය හෝ ආදි ශිෂ්‍යාවන් දැනුවත් නොකර ගෙන තිබීම ගැටළුවක් බවත් එම සංවිධානයේ සභාපති, නීතීඥ, ආචාර්ය දයානි පනාගොඩ මහත්මිය පැවසුවාය.
මෙම කාර්යය සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය ක්‍රියාවට නැංවීම පිළිබඳ සොයාබැලීමට මේ වන විට අනුකමිටුවක් පවා පත්කර ඇති බව දැනගන්නට ඇතැයි ද ඇය සඳහන් කළාය.
දේවි බාලිකා විදුහලේ අතිරේක ගණිත හා විද්‍යා අංශය විජයාරාම විද්‍යාලය තුළ පිහිටුවීමට මෙරට කෝටිපති ව්‍යාපාරිකයකු රුපියල් කෝටි 10ක ප්‍රදානයක් ලබාදෙන බව ද දැනගන්නට ඇතැයි කී සභාපතිනිය එම මුදලින් දැනට ඇති විදුහල්භූමියේම ගොඩනැගිල්ලක් ඉදිකර ගණිත හා විද්‍යා අංශය දියුණු කළ හැකි බව ද කීවාය.
මෙම භූමිය ව්‍යාපාරිකයකුට එක් බිම් කඩක් පමණක් වුවත් එය ආදි ශිෂ්‍යාවන් වන තමන් ජීවිතය ජයගන්නට ගුරුහරුකම් ලද පින්බිම බව ද පනාගොඩ මහත්මිය සඳහන් කළාය.
එම තීරණය පරාජය කිරීමට කළ හැකි සියල්ල කිරීමට තම සංවිධානය සූදානම් බව ද ඇය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... ඔය එන්නේ හැංගි හැංගි බැඳපු වෙස් නැටුම් එළියට... උඩදාගෙන දුන්නද කෝට්ටෙන් වැඩිම මනාප? ලොකු සෝබනයක් දාලා බෝට්ටුවෙන් එහෙම පාර්ලිමේන්තුවට ගියානේ.. හොඳට බලන් ඉන්න.
පාසැල ගෙනියන්න කොහෙත්ම ඉඩ දෙන්න එපා... අපේ දෙවෙනි මව. දේවි බාලිකාවයි. අපි ශිල්ප සතර හොඳින් ඉගෙන ගෙන අද කෙලින් හිටගන්න අපට ජවය, ශක්තිය ලැබුනේ අපේ ආදරණිය පාසලෙනුයි. ඕනෑම වෙලාවක නැගී සිටින්න අපි ලෑස්තියි...
පොදු දේපළ ආරක්ෂා කරන්න නේද මෙයාලා ආවේ..? පොදු දේපළ ඔක්කොම පන්දම් කාරයන්ට දීලා යන්නද මේ හදන්නේ...?
මෙරටට කුණු ගෙනාපු හොර දෙටුවන්. ඔක්කොම එක්ක එකතුවෙලා දැන් ඔය පාසල චීන්නුන්ට විකුණන්න යනවලු. අපි කීයටවත් ඊට ඉඩදෙන්නේ නැහැ....!!! ඒ වගේම විජයාරාම පාසල කිසි ලෙසකින්වත් වෙනස් කරන්න දෙන්නෙත් නැහැ. ඒ පාසල දානපතියෙකුගේ පරිත්‍යාගයක්... වැඩිය දැඟලුවොත් ඒ පාලක මණ්ඩලයෙන් අප ඉල්ලා සිටිනවා ඒ ඉඩම නැවත පවරා ගන්න කියලා.
ඉස්කෝලේ කොටසක් වෙන තැනකට ගෙනිච්ච කියල කැඩිලා වැටෙන්නේ නෑ. නව ශාඛාවක් විදිහට තව හොදට හැදෙයි.නොදකින් මෙහෙමත් ගෑනු. ඉස්කෝලෙට අලුතින් බිල්ඩින් හදන්න සල්ලි දෙන මනුස්සයට පින් දීපල්ලා. ආණ්ඩුවක් කරන්න ඕන දෙයක් ඒ මනුස්සය කරන්නේ. ගරායකුම් නටනවා වගේ ඕකෙම රිංගගෙන ඉන්න ඕනේ නැහැ අලුත් පරම්පරාව. ඒ කාලේ තමුන්ලා හිටියට.... ඔහොම මිනිස්සු හින්ද තමා මේ රට දියුණු නැත්තේ.
ආදී දේවී දියණියක් වශයෙන් පාසල දෙකඩ කරන තීරණයට දැඩි සේ විරුද්ධ වෙමි.