
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ධීවර දුක රටට පෙන්නන්නට බව කියමින් සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී දුලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවට කළු පැහැති සාටකයක් පැළැඳ පැමිණියේය.
ධීවර අමාත්‍යාංශය පිළිබඳ පාර්ලිමේන්තුව වැය ශීර්ෂය විවාදය අරඹමින් වෙදආරච්චි මහතා සඳහන් කළේ ධීවර බෝට්ටු තුන්දහසක් පමණ මේ වන විට මුහුදු නොයා වෙරළේ බැඳ දමා තිබෙන බවයි.
බැට් බදු වැඩිවීමත් සමග ධීවරයන් කෙසේ ජීවත් වේදැයි නොදන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමා මේ පැළැඳ ආවේ කුරහන් සාටකය නොවේ යැයි කී වෙද ආරච්චි මහතා තමා පැළඳ ආ කළු සාටකයෙන් පෙනෙන්නේ ධීවරයන්ගේ දුක් අඳෝනාව බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පිස්සෙක්.
දැන් ඕක කළාම හරිද..? විසඳුමක් දෙන්න...
හැමදාම කරන්නේ රටේ මිනිසුන් රැවටීම්.