(ප්‍රසාද් රුක්මල් )

අඹේවෙල වර්වික්වත්තේ නිවසකදී අවුරුදු 8ක දැරියකට සහ අවුරුදු 2,1/2ක දරුවකුට පොලුවලින් පහරදී තුවාල සිදුකර කෲරත්වයට පත් කලැයි සැකපිට මවක සමග ඇයගේ අනියම් සැමියා අද (20) අත් අඩංගුවට ගත් බව කැප්පෙටිපොළ පොලිසිය පවසයි .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අඹේවෙල වර්වික්වත්තේ පහලකොටස පදිංචි මෙම සිගිති දරු දෙදෙනාගේ 31 හැවිරිදි මව සහ ඇයගේ අනියම් සැමියා බව කියන 35 හැවිරිදි දරුවන් තිදෙනකු සිටින පුද්ගලයකු යැයි පොලිසිය කීය .

පොලුවලින් පහරදී තුවාල සිදුව කෲරත්වයට පත් වූ මිරහවත්ත ඩයරබා වත්ත පහල කොටසේ පදිංචි 8 හැවිරිදි දැරිය සහ අවුරුදු 2, 1/2 ක් වයස සිගිති දරුවා ප්‍රතිකාර සදහා බදුල්ල ශික්ශන රෝහලට ඇතුලත් කල බවද පොලිසිය පැවසීය .

මෙම සිගිති දරුදෙදෙනා මව සහ 38 හැවිරිදි නීතියානූකූල පියා සමග මිරහවත්ත ඩයරබා වත්ත පහලකොටසේ නිවසක පදිංචිව සිට ඇති අතර සැකකරු පියාගේ හොද යැයි ද පොලිසිය කියයි.