IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා

(අංජුල මහික වීරරත්න සහ ලාල් එස් කුමාර)

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

රජයක් ලෙස ඊට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන අතර දරුවන්ට සුරක්ෂිත, ආරක්ෂාකාරී රටක් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව  අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. 

අග්‍රාමාත්‍යවරිය  මේ බව පැවසූවේ ලෝක ළමා දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කළ ‘‘මග හැරුණු පාඩම’’ උත්සවයේදීය. කැළණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ දී අද මෙම උත්සවය පැවැත්විණි.

‘‘අපේ රටේ අමතක වෙලා තිබුණු, මග හැරුණු ගොඩාක් ප්‍රශ්න තිබෙනවා. තරගකාරී ලෝකය තුළ මනුෂ්‍යත්වයට අවශ්‍ය වැදගත්ම දේවල් ගොඩාක් අත හැරලා තනියම ගමනක් යන්න සිදුවෙලා තියෙනවා. විශේෂයෙන් අපේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය, වැඩිහිටියන්ගේ ආර්ථිකය වැනි බොහෝ කරුණු මේ සඳහා බලපා තිබෙනවා.

එම මග හැරුණු පාඩම් අතර අපේ මනුෂ්‍යත්වයට අත්‍යවශ්‍ය දේවල් අතර එකිනෙකා රැකබලා ගැනීම, ආරක්ෂාව දීම, සාමූහිකත්වය, ආදරය කිරීම, ගරු කිරීම, තව කෙනෙක් තේරුම් ගැනීම, දුකේදී සැපේදි මිත්‍රත්වය දැක්වීම, වැඩිහිටියන් සමග ගනුදෙනු කරන ආකාරය, වැඩිහිටියන්ව රැකබලා ගැනීම, අපි ජීවත්වෙන පරිසරය හා එහි සිටින සතුන් රැකබලා ගන්නේ කොහොමද යන දේවල් ඇතුළු බොහෝ දේ අපිට මග හැරුණු පාඩම් යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (1)

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා

Pablo escobar Thursday, 03 October 2024 09:12 AM

මෙයා ලයිෂන් එක ගත්තද දන්නෑ?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site