
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මනට සම්මත කර ගන්නා බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"කාන්තාවන් සමාජයට දක්වන දායකත්වය ගැන සලකන විට ඔවුන් වෙනුවෙන් විවාදය සඳහා දවසක් නෙමෙයි, අවුරුද්දක් දුන්නත් ප්‍රමාණවත් නැහැ.
දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මනට අප සම්මත කරගන්නවා දඬුවම් දරුවන්ගේ සංවර්ධනය සඳහා අතිශය බලපානවා. ප්‍රචණ්ඩත්වය මගින් ප්‍රශ්න විසඳිය හැකි බව දරුවන් ඒත්තු ගතහොත් ඔවුන් වැඩිහිටියන් වූ පසුවත් ඒ තත්ත්වයට ළඟා වෙනවා. පාතාලය ආදී සියල්ල පසුපස ඇත්තේ කැඩුණු බිඳුනු පවුලක දරුවෙක් යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමලාගේ මොලේ කොහේද තියෙන්නේ? දැන් ඉන්න දරුවන්ගේ හැදියාව හොඳයිද? හැම එකක්ම නීතියෙන් කරන්න පුළුවන් කියලා හිතන ඔබතුමාලා... අනේ මන්දා. මූලික අද්‍යාපනයේ වරදක් මෙතැන තියෙන්නේ. පොඩි කාලේ ඉඳලා විභාග පාස් වෙන්න විතරයි උගන්වන්නේ... සදාචාරය හැදියාව කෝ? ඒවා නෙමෙයිද හදන්න ඕනේ..?.
සියලු ගුරුවරුන්ට මනෝවිද්‍යාව ඉගැන්වීම කළ යුතුයි. නැත්නම් ඔවුන් ළමයා හඳුනා නොගනියි.
දැන් පොඩි පරයෝ තමන්ට ගැහුවා කියලා පැමිණිලි දාලා දෙමව්පියෝ බුරුතු පිටින් ලෝකප් වල ලගීවි. අනේ මේ වගේ තකතීරු හැත්තක්.
බටහිර ක්‍රම අමු අමුවේ අපට ඔබන්න හදන මෙවැනි අය අවසානයේ සේවය කරන්නේ කාටද? දැනට ද පාසල්වල විනය පිරිහී තිබෙන්නේ මානව හිමිකම් කෙවිටට බයේ ගුරුවරුන් දරුවන්ට පොදු දඬුවමක් වත් නොදෙන නිසා. මීට වඩා හොඳ නැද්ද මෙතුමා තමන්ගේ තාත්තා වගේ වාණිජ චිත්‍රපටියක් දෙකක් හදලා කීයක් වත් හොයාගෙන පාඩුවේ හිටියා නම්...?
බටහිර ක්‍රම ගෙඩිය පිටින් පෙරදිගට ඔබ්බලා මේ රටේ ඉතිරි වෙලා තියෙන හරි පද්ධතියත් විනාශ කරන කොන්ත්‍රාත් එක මාලිමාව හොඳටම කරනවා. ඇමරිකාවේ ඔය ක්‍රම ක්‍රියාත්මක කරලා අද සමාජය බරපතල කඩාවැටීමකට ලක්වෙලා.. ඒවා වැරැදියි කියලා ඔවුන් ආපහු හැරෙන්න බැරිව ලතැවෙනවා. ගුරුවරුන්ට, දෙමාපියන්ට, දරුවන්ට වැරැද්ද වෙනුවෙන් දඬුවම් කරන්න බැරිවෙන කොට ඔවුන් ඒක අතාරිනවා. කොහොමත් දැන් දරුවෝ හදන එක සෑහෙන්න අඩුවෙලා. ඒ ටිකත් නැත්තටම නැති කරන එක ඔයාලා නියමෙටම කරනවා කියලා පේනවා...
ළමයි තමන්ගේ අයිතිවාසිකම් අවභාවිතා කරන හැටි බලන්න පාසල් පරිසරයට එන්න ඔබතුමා...
දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මණට සම්මත කර ගැනීමට පෙර 1 සිට 12 ශ්‍රේණිය දක්වා ගුරුවරුන්ට පාසල් දරුවන් පාලනය කළයුතු ආකාරය පිළිබඳව නිසි පුහුණුවක් ලබාදෙන්න. එය grade 1 සිට 5 දක්වා පළමුවත් ඉන්පසුව 6 සිට 12 දක්වා ලබාදීමට කටයුතු කරන්න. දරුවන්ට දැඩිලෙස දඬුවම් ලබාදෙන්නා වූ ගුරුවරුන් සිටින්නේ අතිශය සීමිත ප්‍රමාණයකි...
NGO වල සල්ලි තවමත් වැඩ කරනවා වගේ. එංගලන්තේ ඔය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා දැන් ඒ රටේ භාගෙට භාගයක් විනාශ වෙලා. වෙන රටවලින් තමයි වෘත්තිකයෝ ගෙන්න ගන්නේ. අවුලක් නෑ හොඳ කුඩු ගහන පරම්පරාවක් හදා ගන්න තමයි ඔය මහන්සි වෙන්නේ. ලබන ඡන්දෙන් එළියට ගියාම කරන්න බිස්නස් එහෙම හදාගන්න එපැයි.
දඬුවම් නොකර හදන ළමයයි, හැඳි නොගා හදන කිරි හොද්දයි එක වගේ කියලා තියෙන එක වත් අහලා නැද්ද? දැනටත් ගුරුවරුන්ට පන්තියකට යන්න බැරි තරම් ළමයින්ගේ විනය පිරිහිලා. සමහර ඉස්කෝල වල 10න් එහා පන්ති වල ළමයි ඔය එක එක මත් ජාති පාවිච්චි කරලා පන්තියේ ඉන්නේ. ගුරුවරයාගේ ආශිර්වාදය නැත්තන්, ළමයි කොහොමද ඒ දැනුම ගන්නේ. ගුරුවරයා කැමැත්තෙන් උගන්නයිද විනය පිරිහිච්චි ළමයින්ට? මේ ටික මේ රට විනාශම කරලා තමයි යන්නේ අවුරුදු 5ට. හෙනම ගහන්න ඕනෑ.
පාතාලේ හැදෙන්නේ, රටේ නීතිය ක්‍රියාත්මක නොවෙන නිසා. පාතාලෙන් වෙඩි කාපු එකාගේ නෑයෝ අවි අතට ගන්නවා එතකොට. මොවුන්ට පාතාලේ මර්ධනය කරන්න බෑ කියලා රටේ ළමයි පලිද? රිලව් පැන්නා. වඳුරෝ පොල් කෑවා. බල්ලෝ හාල් කෑවා. මහින්ද හොරා කෑවා වගේ සිල්ලර උත්තර තමයි හැම ප්‍රශ්නෙකටම...
තියෙන ප්‍රශ්න නැති කරනවා වෙනුවට අලුතින් ප්‍රශ්න ඇති කරන්න එපා ඇමැතිතුමා. ඔබතුමාට ළමයි නැද්ද? ළමයින්ට දඬුවම් කරන්න ගුරුවරුන්ට බැරි නම් පාසල් වලත් වෙනම උසාවි දාන්න වෙනවා ළමයි කරන වැරැදි වලට විසඳුම් දෙන්න. නැත්තන් පාසලේ වෙන ප්‍රශ්න පාසලෙන් එළියට ගිහින් දෙමව්පියෝ කැති පොලු අරන් විසඳන මට්ටමට එනවා. එතකොට වෙනම සිඟිති පාතාලෙකුත් හැදෙනවා.
ඒක නෙවෙයි! කෝ අර නීතිවිරෝධීව උපුටාගත් වත්කම් තහනම් කර නැවතත් එම මහජන මුදල් අයකරන පනත..?
මෙයාට තියෙන ළදරු කුලප්පුව ඉස්සෙල්ලාම නැතිකරලා ඉන්න ඕනේ...! ගල්කිස්සේ කලාපුරේ ප්‍රේමදාස පිනට දීපු ඉඩමක ඉන්න අහිගුන්ඨකයා, අනිත් එවුන්ට හිඟන්නෝ කියනවා...! ඉස්සෙල්ලාම තමන්ගේ මහන්සියෙන් ඉඩමක්, ගෙයක් හදාගෙන, අනුන්ගේ වැරැදි හොයන්න පටන්ගන්නවා. ගැලරියට චිත්‍රපටි හදපු තමන්ගේ තාත්තාට ප්‍රේමදාස පිනට දීපු ගෙදර ඉඳන් අනුන්ට මඩ ගහන්නේ නැතිව...!
මොවුන්ට පිස්සු කිවුවේ මොනවාද? කරන්නේ මොනවාද? දැන් ඕවා ගෙනැල්ලා කරලා ගනීවි...!
කවුරුවත් නොදන්න ඇත්ත කතාව ලංකාවේ ළමයි තමයි ලෝකයේ අංක එකට මානසික පීඩනයෙන් ඉන්නේ. පලස්තීනය, ඇෆ්ගනිස්ථානය ඉන්නේ අපිට පහළින්. මේකට හේතුව කායික දඬුවම්. ලංකාවේ කායික දඬුවම් සාර්ථක නම් පසුගිය අවුරුදු 100ට රටේ අපරාද අඩු වුණාද? ලංකාවේ බහුතරයක් ඉන්නේ මානසික රෝගීන්... ඒ හින්දා පාසලේ මානසික සෞඛ්‍යය සඳහා වෙනම ඒකකයක් අවශ්‍යයි. මෙතැන කමෙන්ට් දාන අය අඩුම මනෝ විද්‍යාවේ ගැන සාමාන්‍ය දැනුමක් නැති බව පේනවා..
මොකද්ද පනතක් ගේන එකේ විශේෂත්වය? දෙන්න ඕනෑ දඬුවම් ගැනත් කියලා තියෙනවාද? මොකද දැනට තියෙන සාමාන්‍ය නීතියේ තියෙන ප්‍රතිපාදන හොඳටම ඇති ළමයින්ව ආරක්ෂා කරන්න...
දරුවෙකුට නිසි ලෙස දඬුවම් කළා කියලා... කිසිම ප්‍රශ්නයක් නැත. මේ වසර 5 මේ අය පනත් ගෙන ගෙන ඉඳියි..
මෙයාට තියෙන ළදරු කුලප්පුව ඉස්සෙල්ලාම නැතිකරලා ඉන්න ඕනේ...! ගල්කිස්සේ කලාපුරේ ප්‍රේමදාස පිනට දීපු ඉඩමක ඉන්න අහිගුන්ටකයා, අනිත් එවුන්ට හිඟන්නෝ කියනවා...! ඉස්සෙල්ලාම තමන්ගේ මහන්සියෙන් ඉඩමක්, ගෙයක් හදාගෙන, අනුන්ගේ වැරැදි හොයන්න පටන්ගන්නවා ! ගැලරියට චිත්‍රපටි හදපු තමන්ගේ තාත්තාට ප්‍රේමදාස පිනට දීපු ගෙදර ඉඳන් අනුන්ට මඩ ගහන්නේ නැතිව...!
මමත් NPPයට ඡන්දය දුන් කෙනෙක් නමුත්, මේ නීති මගින් ලමයි නොමග යනවා පමණයි... යුරෝපීයන්ගේ හුගක් ම ලමයි...දෙමාපියන් කියන දේ අහන්නේ බලන්නේවත් නෑ..ඒ සමාජයේ පිටින් පේන පෙනුම ඇතුලත නෑ.... බහුතරයක් මිනිස්සු ජිවිතය විනාශ කරගේන මේ කියන උපරිම නිදහස නිසා.... ගුරුන් දෙගුරැන් අවවාද දඩුවම් දුන් නිසයි..ලංකාවට මිනිස්සු මේ තරම් කැමැති...
තවත් විනාශ කරපන් මේ රට... ගොං හැත්ත
දඬුවම කියන්නේ තරහින් කරන පහර දීමක්නේ, එහෙම නොවිය යුතුයි. විනය කමිටුවක් පත්කරලා වරද සාකච්ඡා කරලා දඬුවම් නිර්දේශ කරනවා නම් හරි. සිහින් වේවැලකින් අල්ලට පහර දෙකක්, නැත්නම් ව්‍යායාම කිහිපයක්, ප්‍රශ්න පත්‍රයක්, පිරිසිදු කිරීමේ කටයුත්තක්, තෝරා ගැනීම වරදකරුට පවරන්න. එවිට වෛර චේතනා දෙපාර්ශවයට ඇති නොවේ, නීතියට ගරු කරයි. ආත්ම හිංසනය, පරාජිත හැඟීම් ආදි චිත්ත හානි අවම වේ..