IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දරුවන්ට අමානුෂිකව සැලකූ ගුරුවරයා සොයා මෙහෙයුමක්

(යොහාන් භාසුර)

කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක දරුවන් අමානුෂික ලෙස දණ්ඩණයට ලක් කිරීමේ චෝදනාවට ගුරුවරයකු අත්අඩංගුවට ගැනීමට සොයන බවත් බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අදාළ ගුරුවරයා සැඟවී සිටින බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය පැවසීය.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පුවතක් සම්බන්ධව මූලික විමර්ශන කටයුතු අවසන් කර දණ්ඩ නීති සංග්‍රහයේ 308 වගන්තිය යටතේ ඉහත සිද්ධිය සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කළ බවත් අදාළ සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු මේ වන විට සැගව සිටින බැවින් ඔහු සොයා අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය.

කොළඹ අධ්‍යාපන කලාපය තුළ පිහිටි බාලක පාසලක ප්‍රාථමික අංශයේ පන්ති භාර ගුරුවරයකු වන සැකකරු තමා භාර තුන්වන ශ්‍රේණියට අදාළ පන්තියේ ඉගෙනුම ලබන දරුවන්ට "ලෝහමය පටියක්" ආධාරයෙන් පහර දෙමින් දණ්ඩනයට ලක් කර ඇති බවට මේ මස 08 වැනි දින ලද පැමිණිල්ලකට අනුව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කළ බවද එම අමාත්‍යංශයේ සඳහන් කළේය.

ඒ අනුව දණ්ඩණයට ලක්වූ අවුරුදු 7 ක් පමණ වයසැති පිරිමි දරුවන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ පාසලේ නියෝජ්‍ය විදුහල්පති සහ මවිපියන්ගේ ද ප්‍රකාශ සටහන් කරගත් බව කී එම අමාත්‍යංශය විශේෂ විමර්ශන කණ්ඩායම විසින් අදාළ සිදුවීම් සිදු වූ ස්ථානය ස්ථානීය පරීක්ෂාවට ද කළ බව සඳහන් කළේය.

 



අදහස් (2)

දරුවන්ට අමානුෂිකව සැලකූ ගුරුවරයා සොයා මෙහෙයුමක්

Nihal Saturday, 12 April 2025 11:16 PM

ගුරු සුනඛයන් බැඳලා දාන්න

:       0       0

සකියම Sunday, 13 April 2025 08:15 AM

'අමානුෂික දඬුවම්' කියල කවුද ඉරක් ගහල වෙන් කරන්නෙ. සියළුම ආකාරයේ ශාරීරික දඬුවම් නැවතිය යුතුයි. ශාරීරික දඬුවමින් වැඩක් නැති බව විද්‍යාත්මකව ඔප්පු කල දෙයක්. මේ ගුරුවරයාට, අනෙක් වැඩිහිටියන්ටත් නිතර මතක් වෙන ආකාරයට දඬුවම් කලයුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 507 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1056 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site