IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දරුවන්ගේ සිහිය හදන්න ගංගාරාමය පෙරට

(අංජුල මහික වීරරත්න)

වත්මන් පරපුරේ  සතිමත් බව ඇති කිරීම සඳහා  “බුද්ධ රශ්මි" ‍ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් අද (20) පෙරවරුවේ  කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය  කිරින්දේ අස්සජි හිමිගේ අනුශාසකත්වයෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්, විශ්වවිද්‍යාල, ජාත්‍යන්තර පාසල්, තාක්ෂණ විද්‍යාල නියෝජනය කරමින් 500 ක පමණ පිරිසක් එක්ව සිටියහ.

මීතිරිගල ආරණ්‍ය සේනාසනවාසී  හෝමාගම ධම්මකුසල හිමි විසින් මෙම වැඩසටහනේදී “සතිමත්බව" වැඩීම  පිළිබඳ සිසුන් ප්‍රායෝගික අභ්‍යාසයන්හි පුහුණු කිරීම සිදු කෙරිණි. 

මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ ගංගාරාම විහාරාධිකාරී කිරින්දේ අස්සජි හිමි කීවෙි  රටේ අනාගතය පවතින්නේ ළමා පරපුර මත වන අතර දරුවන්ගේ හැදියාව, ශික්ෂණය, කුසලතාව හා හැකියාව මත රටේ ඉදිරි ගමන තීරණය වන බවයි. 



අදහස් (1)

දරුවන්ගේ සිහිය හදන්න ගංගාරාමය පෙරට

සෙනෙවිරත්න Monday, 20 May 2024 05:46 PM

ළමුන්ගෙ සිහිය හදන්නට පෙර ,රජයේ තනතුරක්, මැති ඇමති අගමැති, ජනාධිපති පට්ටමක් ලැබුන ගමන් ඔතනට පිරිවර පිටින් සවාරියෙ එන අයගෙ සිහිය හොඳ කරල එව්ව නම් මේ රට මීට වඩා ලස්සනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site