IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දරුවන්ගේ ලිංගික වීඩියෝ පට ජාවාරමක් ගැන විමර්ශනයක්

(නිමන්ති රණසිංහ)

ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු කුඩා දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් විඩියෝ පට සමාජ  මාධ්‍ය ඔස්සේ අලෙවි කරනු ලබන බවට ළමයින් සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර සංවිධානයක් කළ පැමිණිල්ලක් අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ළමා හා කාන්තා කාර්යංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතාට අද(24) කරුණු වාර්තා කළේය.

වට්ස්ඇප් සමූහයක සාමාජිකයන් වෙමින් කුඩා දරුවන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ බෙදා හරිමින් සිටින ශ්‍රී ලාංකිකයින් කිහිප දෙනකු සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙසට එම ජාත්‍යන්තර සංවිධානය  පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සදහන් කළ බව කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු දැක්විය.

වයස අවුරුදු දෙකේ සිට හත දක්වා වයස් කාණ්ඩයේ පිරිමි හා ගැහැණු දරුවන්ගේ ලිංගික ක්‍රියාකාරකම් හා අසභ්‍ය දර්ශන ඇතුළත් නිරුවත් ඡායාරූප හා වීඩියෝ දර්ශන රුපියල් 1000/=,2000/=හා  3000/=  වැනි මුදලට මෙම වට්ස්අප් සමූහය මගින් අලෙවි කෙරෙන බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි ලමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

මෙම වීඩියෝ දර්ශනවල ශ්‍රී ලාංකික දරුවන් සිටිත් ද යන්න සම්බන්ධයෙන් මෙන්ම මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසට මෙහිදී ළමා හා කාන්තා කාර්‍යංශය අධිකරණයෙන් ඉල්ලීය.

අදාල ඉල්ලීම් වලට නියෝග නිකුත් කළ අධිකරණය විමර්ශන පවත්වා වහාම අධිකරණයට වාර්තා කරන ලෙසට එම කාර්යාංශයට නියෝග කළේය.



අදහස් (0)

දරුවන්ගේ ලිංගික වීඩියෝ පට ජාවාරමක් ගැන විමර්ශනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site