(යොහාන් භාසුර)
රජයේ පාසල්වල අධ්‍යාපන ශ්‍රේණි සංඛ්‍යාව 12 දක්වා අඩු කර සාමාන්‍ය පෙළ විභාගය 10 වැනි ශ්‍රේණියට සහ උසස් පෙළ විභාගය 12 වැනි ශ්‍රේණියට ගෙන ඒමට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් යෝජනා කර ඇතැයි අධ්‍යාපන අමත්‍යාංශය පවසයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව දරුවකුගේ පාසල් අධ්‍යාපන වයස අවුරුදු 17 දී අවසන් වන අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පාසල පාදක කරගත් ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක සහ විභාගයෙන් යම් ප්‍රතිශතයක් ලෙස ලකුණු දීමේ ක්‍රමවේදයකට ගෙන ඒමින් ශිෂ්‍යත්ව විභාගය සරළ කර තරගකාරීත්වය අවම කිරීමට ද යෝජනා කර ඇත.
අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා නියමිත විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමට සහ එම විෂයන් 7 තුළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, තාක්ෂණික හා වෘත්තීය කුසලතා සහ ආගමික හා සාරධර්ම යන නව විෂයන් ත්‍රිත්වය හැදෑරීම අනිවාර්ය කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ශිෂ්‍යත්ව විභාගයට කිසිම සංශෝධනයක් අවශ්‍ය නැත. පාසැල් පාදක කරගත් ඇගැයීම් ක්‍රමයේ අසාර්ථක බවට හොඳම උදාහරණය වන්නේ 1988 වර්ෂයේ අපොස සාපෙළ විභාගයයි. මුදල් හඹා යමින් වැඩ වර්ජන කරන ගුරුවරු සිටින අපේ රටේ පාසැල් පාදක කරගත් ඇගැයීම් වලින් දරුවන්ට සිදු වන හානිය අති මහත්ය. මොන අඩුපාඩු තිබුනත් සැබෑම දක්ෂ දරුවකුට තමා කැමති පාසැලක අධ්‍යාපනය හැදෑරීම සඳහා ලැබෙන සාධාරණම අවස්ථාව වන්නේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයයි. එම සාධාරණ අවස්ථාව නැති කිරීමේ අවශ්‍යතාවය අදක්ෂ දරුවන් සිටින බල පුළුවන්කාරයන්ට එදා ඉඳලම තිබුනා. සැබෑම දක්ෂයන් හඳුනාගැනීම සඳහා බුද්ධි මට්ටම පරීක්ෂා කිරීමේ අසීරු ප්‍රශ්ණ 25% ක් වත් තිබීය යුතු වීම තමයි හොඳම විසඳුම. ඊශ්‍රායලයට පමණත් දෙවැනි වෙතැයි සලකන අදටත් අපේ රටේ බුද්ධි මට්ටමෙන් ඉහල ජනතාවක් සිටින තත්වය නැති කර දමන්නද හදන්නේ...
ලංකාවේ සිවිල් නීතිය, දේශපාලන විද්‍යාව, දේශපාලකයකු ගේ වගකීම වැනි විෂය යන් අනිවාර්යයෙන් දරුවන් ට පොඩි කාලේ සිට ඉගැන්විය යුතුයි
අධ්‍යාපනය වසර 12 කරන එක හොඳ වුවත් එක් වසරක සිසුන්ට අසාධාරණයක් නොවන්න නම් මාස 9 යේ අධ්‍යාපන වර්ෂ විශ්වවිද්‍යාල දක්වා හඳුන්වා දිය යුතුයි. තවද අතීතයේ මෙන් විෂයන් 8 ක් තිබීම සුදුසුය. මව් භාෂාව, ගණිතය, භෞතීය (Physical) විද්‍යාව, ජීව විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි, සමාජ අධ්‍යයනය (ඉතිහාසය-සංස්කෘතිය-පරිසරය) සහ තොරාගත් විෂයක්.
ටියුෂන් කාරයින්ට යන එන මං නැතිවෙයි.
බොහොම හොද වැඩක්. නමුත් ශිෂ්‍යත්ව විභාගය අයින් කරනවනම් ලංකාවේ සෑම පාසලකම එක සමාන පහසුකම් තියෙන්න ඕන. දුප්පත් ලමයෙක්ට හොද පහසුකම් තියෙන පාසලකට යන්න තිබෙන එකම අවස්ථාව ඒක. අනිත් එක 6, 7 වසරවල ලමයින්ට විෂයන් 13ක් තියෙනවා. . පුරවැසි, පරිසරය, ජිවන කුසලතා , සෞඛ්‍ය, භූගෝලය මේවා තනි විෂයක් විදියට අත්‍යාවශ්‍යම දේවල් විතරක් උගන්වන්න ඕන. ලෝකයත් එක්ක මේ ලමයි ඉස්සරහට යන්නනම් ඒක පාසලෙන් එන්න ඕන. මේ ලමයින්ට උගන්වන්න ඕන වර්තමානයේ රටට ඕන දේවල් . උදාහරණයක් විදියට කෘෂිකර්මය හරියට ඉගෙන ගත්තොත් රටටත් හොදයි.
හොඳ වැඩක්
මම දකින හැටියට අඩුපාඩු දෙකක් තියෙනවා එකක් ශිෂ්‍යත්ව විභාගය සමත්වෙන්න අල්ලස ප්‍රවර්ධනය වීම පාසල පාදක ලකුණු කියන්නෙ පංති භාර ගුරුවරු අල්ලසට යොමු කිරීමක් තමයි දෙවැන්න සාමාන්‍ය පෙළ විභාගයට සිංහල දෙමළ හා ඉංග්‍රීසි විෂයයන් ඇතුව විෂයයන් දහයක් නැතිකර විෂයයන් හතක් කිරීම හැත්තෑව දසකයේ සාමාන්‍ය පෙළ විභාගය සදහා විෂයයන් දහයක් තිබුනා උසස් පෙළ විභාගය සදහා විෂයයන් හතරක් තිබුනා විෂයයන් හතක් කිරීම කෙසේවත් සුදුසු නැහැ .
ඉතා හොඳ වැඩක්. බෙහෙවින්ම අගය කරමි
ඉතා හොඳ තීරණයක් නමුත් කරුණාකර එය අවසානය දක්වා දිගටම කරන්න ... සහ එය වඩා හොඳ ආකාරයෙන් කරන්න
අම්මෝ මේ අය කියපුවා ගොඩාක් කරනවා දැක්කා. හරිම සතුටුයි අපිට... අනේ සුරංගනා කතා නොකියා දෙල්කඳ පොළ පැත්තේ රවුමක් ගහගෙන ඉන්න... ඔය දේවල් වෙනවා ඇත්තේ සමහරවිට 2048 දී වෙන්න ඇති. තව දෙයක්, පාසල පාදක කරගත් ඇගැයීම්වලින් යම් ප්‍රතිශතයක් දුන්නාම හැම ගුරුවරයාම 1 වසරේ ඉඳන් පන්ති දායි. එතකොට පන්ති යන කෙනා ශිෂ්‍යත්වේ පාස්. නොයන එකා (කොච්චර දක්‍ෂ වුණත්) ෆේල්. මොකද දැනටම ටියුෂන් කරන ප්‍රාථමික ගුරු හැත්ත, ළමයි පන්ති ගෙන්න ගන්න කරන බලුවැඩ ඕනෑතරම් අපි දකිනවනේ...
ඔය පාසැල්වලට යන්න දඟලන්නෙ ්පහසුකම් නිසාමද? උස්ස් පෙළ ලකුණු මට්ටම සාධාරණ වැඩි ප්‍රතිශතයකින් සලකා බලා විශ්ව විද්‍යාල ප්‍රවේශයට වෙනම පරීක්ෂණ තිබ්බා නං පාසැල්වලට තිබෙන ඔය තරඟය අඩු වෙනවානේ....
එතකොට ටියුෂන් පන්ති කාරයින්ට මොකද වෙන්නේ ?
2024 වර්ෂයේ දී මම දැන් 8 වසර ශ්‍රේණියේ ඉගෙනුම ලබමි. දැන් මට අවුරුදු 14 යි නේ... මම 10 වසර විතර මට වයස 16 ක් විතර වෙයි. 10 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න ඕනේ...!