
(සුජිත් හේවාජුලිගේ)
ලෝක ළමා දිනය නිමිත්තෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 200 දෙනකුට පොත් පත් ඇතුළු පාසල් උපකරණ කට්ටලයක් බැගින් නොමිලේ ලබාදීමේ පින්කමක් කිරිබත්ගොඩ ස්කයිලයින් බ්‍රිටිෂ් පෙර පාසලේදී ( ආර්පිකෝ අසල) පසුගිය 3 වැනිදා ඉරිදා පැවැත්විණ.
මෙම පින්කම සඳහා සම්පූර්ණ මූල්‍ය අනුග්‍රහය දැක්වූයේ එම පෙර පාසලේ සභාපති සරත් ලියනගේ,අධ්‍යක්ෂිකා මනෝරි ලියනගේ සහ විදුහල්පතිනී ඕෂිනී ලියනගේ මහත්ම මහත්මීහු වෙති.
පෙර පාසල් 135 කින් තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් මෙන්ම පාසල් දරුවන් පිරිසකටද පොත් පත් ඇතුළු පාසල් උපකරණ මෙසේ නොමිලයේ පිරිනැමුණු බව අධ්‍යක්ෂිකා මනෝරි ලියනගේ මහත්මිය පැවසුවාය.
රුපියල් දස දහසකට වැඩි වටිනාකමින් යුතු පොත්පත් සහ පාසල් උපකරණ මෙම තෑගි මල්ලට ඇතුළත් කෙරුණු බවද ඇය සඳහන් කළාය.
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අනුබද්ධ කැලණිය එකමුතු පෙර පාසල් ගුරු සංගමයේ නියෝජිතයෝ මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය දුන්හ.
මෙම උත්සවයට බස්නාහිර පළාත් පෙර පාසල් අධ්‍යක්ෂ දුෂ්මන්ත රාජපක්ෂ බස්නාහිර පළාත් හිටපු පෙර පාසල් අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවක්කු පෙර පාසල් ඒකකයේ කැලණිය කොට්ඨාස බාර සංවර්ධන නිලධාරිනී කේ .ඒ .පී. ලක්මිණි කොඩිකාර මහර කොට්ඨාස බාර සංවර්ධන නිලධාරිනී ලුෂාකා අභයසුන්දර කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී එස්. ගයනි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.


2025 දෙසැම්බර් මස 18
239
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන්ගේ දවසේ කිරිබත්ගොඩ දරුවන්ට අත පිරෙන්න තෑගි
බද්රානි Wednesday, 04 October 2023 04:21 PM
දුප්පත්, අසරණ දරුවන්ට තෑගි ටිකක් ප්‍රසිද්ධියේ බෙදලා දීලා, තමන්ගේ ලොකුකම් රටට ප්‍රදර්ශනය කරන්න නියම අවස්තාවක් මේක... දෙන දෙයක් රහසින් දන් දෙන්න පුරුදු වෙයල්ලා මිනිසුනේ... ඔය ලොකුකම් පැත්තකට තියලා.. අනික ලජ්ජා නැති දෙමව්පියෝ... පිනට ලැබෙනවා නම් දරුවන්වත් විකුණයි මොවුන්...
භවනිThursday, 05 October 2023 06:19 AM
තමන් මෙහෙම කලා කියලා ලෝකෙට අඅණබෙර ගහන්න හදන්නෙ මැතිවරණය සදහා එන්නද නැත්නම් ආදායම් බදු වංචාව සදහාද සිතන්න ඕන ඒක කොහොම වුනත් ජනතා මුදලින් ඉදිකල දේවල් වලට තම තමන්ගෙ .නම් ගැසීම හා ප්‍රචාරය ආරම්භ කලේ 1970 දී පත්වූ සමගි පෙරමුණේ ආණ්ඩුව තමයි .ඒ ආණ්ඩුවේ සිටි දැනටත් මංත්‍රී කෙනෙක් කල දෙයක් කියන්න පුළුවන් ආචාර්ය තනතුරක් දැරූ මංත්‍රී කෙනෙක් තමන්ගෙ ආසනයේ සියලු පාසල්වලට මහල් ගොඩනැගිල්ලක් බැගින් ලබාදී අහවලා විසින් ජනතා විමධ්‍යගත අරමුදල් යොදා ඉදිකල ගොඩනැගිල්ල කියලා සටහන් යෙදුවා 1994 දී 1970 සිට හිටපු මංත්‍රී නැවත බලය ලැබුනාම අර පුවරු සියල්ලම වහාම මකන්න නියෝග කලා නමුත් පසුගිය කාලයේ කෙනෙකුගේ නමින් ගොඩනැගිලි හදද්දී 70 පත්වූ වයසක උන්දැගේ ඇස් නොපෙනෙන තත්වයක් ඇතිවෙලා තිබුනා
ගමේ එකාලා Wednesday, 04 October 2023 04:27 PM
මෙම සත් ගුණවත් කාර්යයට සම්බන්ධ වූ සියලුම දෙනාට බොහෝම පින්... ඔබ සියලුම දෙනාට අපගේ ප්‍රණාමය..!
පිටරැටියා Wednesday, 04 October 2023 06:28 PM
බොරු සෝබනේට ප්‍රසිද්ධ වෙන්න උදව් නොකරන හුඟ දෙනෙක් අපේ රටේ වගේම පිටරවලත් ඉන්නවා...!
පියුමාරා ලක්මිණි කොඩිකාර Thursday, 05 October 2023 08:03 PM
විවේච්නය කරන්නනම් ගොඩක් මිනිස්සු දක්ෂයි. මගේ අදහස නම් බොහොමත් පිං