
(සුජිත් හේවාජුලිගේ)
පළමු පන්තියට ඇතුළත් වන සිසුන්ගෙන් එක් ලක්ෂ විසි හත්දහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් අපොස උසස් පෙළ විභාගයට පෙර පාසල් හැර යන බව ලංකාවේ පාසල් සිසුන් පිළිබඳව කළ අලුත්ම අධ්‍යයනයකදී තොරතුරු හෙළි වී යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්තා අතුකෝරල මහතා පැවසීය.
එය සමස්ත සිසුන්ගෙන් සියයට තිස් නවයක ප්‍රමාණයක් බවද ඔහු ප්‍රකාශ කළේය.
පසුගිය 2008 වර්ෂයේදී පළමු පන්තියට සිසුන් තුන් ලක්ෂ තිස් දහස් හාරසිය හතළිස් අටක් ඇතුළත්වී ඇත. ඉන් 2021 වර්ෂය වන විට උසස් පෙළ හදාරා ඇත්තේ දෙලක්ෂ විසි නවදහස් විසි තුනක් පමණක් බව එම අධ්‍යයනයේදී හෙළිවී ඇත.
පාසල් පද්ධතියෙන් ඉවත්ව ගොස් ඇති පිරිස අතර සියයට 46ක් එනම් හැත්තෑ හත්දහස් හාරසිය හතරක් පිරිමි සිසුන් බවත් සියයට තිස් එකක් එනම් පන්දහස් එකසිය විසි එකක් ගැහැණු සිසුන් බවත් මහාචාර්යවරයා කීවේය
පළමු පන්තියට ඇතුළත් වන සිසුන්ගෙන් කොපමණ ප්‍රමාණයක් අප සාමාන්‍ය පෙළට පෙර පාසල් පද්ධතියෙන් ඉවත් වෙන්නේ ද යන්න ගැන කරන ලද විමර්ශනවලදී පෙනී ගොස් ඇත්තේ ළමයින්ගෙන් තිස් හය දහස් දෙසිය විසි අටක් පමණ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙර පාසල් හැර යන බවයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙර පාසල් හැර යන සංඛ්‍යාව දෙස බැලීමේදී ඉන් විසි තුන්දහස් තුන්සිය හතරක් එනම් සියයට දාහතරක් පිරිමි සිසුන් බවයි.
දොළොස් දහස් නවසිය විසිහතරක් එනම් සියයට අටක් ගැහැණු සිසුන් බවද වසන්ත අතු කෝරළ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ...!
අනේ මෙ මහත්තයා ඔහෙත් හරියට ජෝතිෂ කාරයෙක් වගෙයි. හැමදාම එලුවගේ අරක වැටෙයි, මේක වැටෙයි කියනවා. ඔහෙ කියන කිසිම දෙයක් මහපොළවේ යථාර්තය නෙමෙයි...!
වෙනස් කළ යුතු අධ්‍යාපන ක්‍රමය නොවෙයි ළමයාට එය ලබාදෙන ගුරුවරුන්. උදාහරණයක් ලෙස ආරක්ෂක අංශයේ මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍යය පිළිබද කටයුතු සදහා සුනඛයින් පුහුණු කරන තැනක් ගමු. බල්ලා අසමත් නම් අසමත් වෙන්නේ බල්ලා ද නැත්නම් පුහුණු කරුද? අපි ඉස්කෝලේට බාර දෙන්නේ ඇස් පෙනීම කන් ඇසීම තියෙන ළමයි නේ. උන්ට අධ්‍යපනය එපා කරවන්නේ ඔය ගුරුවරු. අධ්‍යපනයේ නිදහස තියෙන්නෙ ළමයාට හෝ දෙමව්පියන්ට නොවේ ගුරුවරුන්ට. මගේ අදහස, යෝජනාව නම් අපොස උසස් පෙළ සාපෙළ, සහ පහ වසර ශිෂ්‍යත්වයට උගන්වන ගුරුවරුන් සෑම අවුරුදු 3කට වරක් එම විභාගයටම ඉන්දවා ඔවුන් ලබා ගත් ප්‍රතිඵලය ලගු ගතකළ යුතුයි.
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ සමඟ ප්‍රතිපත්තිවල ලොකු අඩුවක් තියෙනවා. අපිටත් පාසල් ජීවිතය එපා වුනේ පහ වසරේ ශිෂ්‍යත්වය හින්දා. දෙවැනි එක ගුරුවරුන් රැකියාවක් නොමැතිකමට ගුරු වෘත්තියට ඇතුල් වෙලා ළමයාව කනවා. අනිත් එක පෞද්ගලික ප්‍රශ්න ළමයි පිටින් ගන්නවා. යුරෝපයේ අධ්‍යාපනය ඉතා විශිෂ්ටයි. නොමිලේ වගේම උදෑසන, දහවල් ආහාරයත් දෙනවා. ඊට අමතරව ළමයින්ගේ පාසැල් ජීවිතයට පරිභාහිරව සෞඛ්‍ය, මානසික සෞඛ්‍යය හැම පැත්තක්ම ආවරණය කරනවා...
ළමයි ටික ඉස්කෝලේ යන එක නවත්වලා දැන් තඹුත්තේගම අනුරගේ මාලිමා පන්ති 5ට යනවා ඇති ! දුප්පත් ළමයිගේ මොලකන යක්කු !