(තිලකරත්න දිසානායක)
ගම්පහ ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ පාසල්වලට දරුවන් ඇතුලත් කර දිය හැකි බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ 54 හැවිරිදි කාන්තාවක් අත් අඩංගුවට ගත් ලැබූ බව යක්කල පොලීසිය සඳහන් කරයි.
යක්කල පදිංචි කාන්තාවක් වන මැයට මුදල් ලබාදීම සිදු කළ කිහිප දෙනෙකු ගම්පහ මූලස්ථාන පොලීසියට සහ යක්කල පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කොට ඇති බවත් දැනට ගම්පහ පොලීසියට පැමිණිලි තුනක්ද යක්කල පොලීසියට පැමිණිලි හතරක්ද ලැබී ඇති බවත් පොලීසිය පවසයි.
තම දරුවන් පාසල්වලට ඇතුලත් කර ගැනීම පිනිස රුපියල් ලක්ෂ 2 ලක්ෂ 3 ක් වශයෙන් මුදල් ලබාදී ඇති අතර වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වැනි දැනුවත් අයද මෙම වංචාකාරී කාන්තාවට මුලාවී සිටින බවද පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී අතුකෝරල මහතාගේ අධීක්ෂණය මත යක්කල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවන් පාසල්වලට දමන්න ලක්ෂ ගණන් මුදල් ගත් කතක් මාට්ටු
Ruwan Amarasinghe Sunday, 15 January 2023 05:19 PM
ගම්පහ පාසල් වලට ළමුන් දාන්න ඔය ගැහුණු කෙනා සල්ලි ගත්තට ඔය පාසල් වල විදුහල්පතිවරුන් සල්ලි ගන්නවා. පස්සේ ලියනවා පාසලේ සංවර්ධන කමිටුවේ නමින් රිසිට් දෙන අයත් ඉන්නවා. පහසුකම් ගාස්තු ලෙස පොතක ලියනවා එත් ඩුප්ලිකෙට් එකේ ඔර්ජිනල් එකේ ලියන්නේ නියමිත පහසුකම් ගාස්තු විතරයි. පොලිසිය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඇයි හොයන්නේ නැත්තේ. ඒ ආයතන වලත් ඉන්නේ හොරු නිසා රේගුවේ කොච්චර දුෂිත වැඩ වෙනවද? කවුද අල්ලන්නේ කවුරුත් නැහැ. මත්ද්‍රව්‍ය රටට එන්නේ රේගුව හරහා දැන් යාපනයේ ගුවන් තොටුපලින් 2020 පෙබරවාරි ඉදලා හොර වැඩකලාද? ඒ ගුවන්තොටුපලේ හිටපු නිලධාරීන් රේගු නිලධාරීන්ගේ වත්කම් ගැන හොයන්න කවුරුත් නැහැ.
de silva Sunday, 15 January 2023 05:34 PM
මේක රට වටේම ක්‍රියාත්මක වෙන මාෆියාවක්. විදුහල්පතිවරුන්ගෙ වත්කම් සොයා බැලුවනම් මේක බැරෑරුම් කම වැටහෙනවා.
Kumari Monday, 16 January 2023 04:28 AM
ලක්ෂ 2-3ක් නෙවෙයි. ලක්‍ෂ 4 ට වඩා වැඩියි. බොහෝ අය රැවටිලා තියෙනවා.. නමුත් ඔවුන් පැමිණිලි කළේ නැහැ.