IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දරුවන් අතර මී උණ පැතිරීමේ අවදානමක්

(නිමල කොඩිතුවක්කු)

දරුවන් අතර මී උණ රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් මේ දිනවල පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

පාසල් නිවාඩු කාළය තුළ දරුවන් සරුංගල් යැවීමට වෙල්යායන් කරා යෑම මී උණ වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

අවුරුද්දේ වෙනත් වකවානුවලට සාපේක්ෂව අගෝස්තු මාසය තුළ මී උණ රෝගයේ වැඩිවිමක් අපේක්ෂා කරන බැවින් මවුපියන් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවද ඔහු පැවසීය.

දරුවන් සරුංගල් යැවීමට වෙල්යායන් කරා යන්නේනම් පාවහන් පලදින ලෙසත් තුවාල ඇත්නම් නිවසට වී සිටින ලෙසත් දීපාල් පෙරේරා මහතා කිවේය.

ඇස් රතු පාට හෝ කහ පාට වීම, මුත්‍රා තද කහ පාටට පිටවීම,  බඩ රිදීම, මී උණ රෝග ලක්ෂණ ලෙස ඔහු සඳහන් කළේය.

උණ රෝගය දින පහක් හයක් පමණ පවතී නම් එය මී උණ රෝගය විය හැකි බැවින් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් විශේෂඥ වෛද්‍යවරයා තවදුරටත් පැවසීය.



අදහස් (0)

දරුවන් අතර මී උණ පැතිරීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 214 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site