
(රංජන් කස්තුරි)
මේ දිනවල ළමයින් අතර වයිරස් උණ රෝගයක් පැතිර යන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
උණගතිය, අත,කටවටේ සහ කකුල්වල රතු ලප හට ගැනීම දිව තුවාලවීම ඇඟපත කැසීම, ඇඟපත වේදනාව එම වයිරස් උණ රෝගයේ ලක්ෂණ බව ද දීපාල් පෙරේරා මහතා කියයි.
මෙම උණ රෝගයට ගොදුරු වුවන්ගෙන් ඇතැමකුගේ නිය පොතු හැලීම පවා සිදුවන බව ද ඔහු කීය.
ඇතැම් ළමයින්ට මෙම වයිරසය වැළඳුනද උණගතියක් නොපෙන්වන බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.
එම නිසා වයිරසය වැළඳුන දරුවන් වෙන්කර හා පිරිසිදුව තැබීම වැදගත් බව ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එකටත් කොරෝනා කියලා කියන්නේ නැත්තේ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.....