(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ උපත් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් පාසල්වලට අවුරුදු පහ සම්පූර්ණ කළ දරුවන් ඇතුළත් කිරීම 50,000 කින් පමණ අඩුවී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
පාසල්වලට දැනට ඇතුළත් කෙරෙන්නේ දරුවන් දෙලක්ෂ අනූ දෙදහසක පමණ පිරිසක් බවත් මීට වසර දහයකට පෙර පාසල් වලට දරුවන් තුන්ලක්ෂ හතළිස් දහසක් පමණ ඇතුළත් කෙරුණු බවත් ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ මෙරට අධ්‍යාපන ක්‍රමය ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. හැකි දෙමාපියන් සියලුදෙනාම ජාත්‍යාන්තර පාසල්වලට ළමුන් ඇතුළත් කරනවා. ඒක කියන්නේ නැතිව ඇමැතියා බයිලා ගහනවා...
අඩුවෙලා ඇත්තේ සිංහල දරුවෝ පමණි. මේ කියන කතාවම ඇති සිංහලයන්ගේ අනාගතය තීරණය කරන්න. තාමත් පරක්කු නැහැ බොලව්, හිතපල්ලා තමන්ගේ රට, ජාතිය ගැන. නැතිනම් මුහුදට පනින්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි.
ඉතින් වැඩිය බෝකරලා සහනාධාර දීලා බලන්න ඕනෑ කියලද මේ කියන්නේ. ජනගහනය වර්ධනය තවම වැඩියි. ජනගහනය බෝම්බයක්... සීමිත සම්පත් ඇති රටකට අධික ජනගහන වර්ධනය විනාශයක්...!
ජාත්‍යන්තර පාසල්වලට යන දරුවන් මෙම සංඛ්‍යා ලේඛන වලට ඇතුලත් ද? ඔය කියන 50,000 ජාත්‍යන්තර පාසල්වලට ඇතුලත් කර තිබිය හැක.
බොරු කියන්න එපා මිනිහෝ... උපත් අනුපාතය අඩු බවට සාක්ෂි කෝ.... හේතුව ඒක නෙවෙයි... රාජ්‍ය පාසල් පද්ධතිය තමුන්ලාඑකතුවෙලා විනාශ කරනව. ඇති හැකි එකා පුද්ගලික පාසල් වලට ළමයි යවනව. දැන් ඒවට ළමයි දාන්න පොරකනව. හේතුව ඒකයි.අභියෝග කරනව තමුන්ට... පුද්ගලික පාසල් වලට ළමයි ඇතුළත් කරන දත්ත බලන්න.