(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොවිඩ් ආසාදනයවූ දරුවන් 45,831 ක් මේ දක්වා වාර්තා වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (5) පැවසුවාය.
කොවිඩ් ආසාදනයවු වයස 18ට අඩු දරුවන් දාහතර දෙනකු මියගොස් ඇතැයිද ඇය සඳහන් කළාය.
සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
මෙසේ කොවිඩ් ආසාදනයවූ දරුවන් පිරිසට අවුරුදු 10 ට අඩු දරුවන් දහනම දහස් හය සිය අසූ අටක්ද (19,688) අවුරුදු 10ත්18ත් අතර දරුවන් විසි හය දහස් එකසිය හතළිස් තුනක්ද(26,143) ඇතුළත් වන බව වන්නිආරච්චි මහත්මිය කීවාය.
රටේ කොවිඩ් 19 ආසාදිත දරුවන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවද ඇය ප්‍රකාශ කළාය .
මේ අතර මියගොස් සිටි දරුවන් දාහතර දෙනා අතරේ වයස 0-5 අතර දරුවන් 7 දෙනෙකුද වයස 6-10 අතර දරුවන් තිදෙනෙකුද වයස 11-15 අතර දරුවන් දෙදෙනෙකුද වයස 16-18 අතර දරුවන් දෙදෙනෙකුද වන බව සෞඛ්‍ය ඇමැතිවරිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ කාලයක් මුට්ටි ගංගට දැම්ම නෙ ලෙඩ හොද වෙන්න .මේ තමයි ඒවයි ප්‍රතිපල
විපක්ෂයේ සිටියද ඔවුනුත් මේ රටේම බැවින් දුර්දාන්ත සිතුවිලි වලින් කෲර සතුටක් නොලබා ආණ්ඩුව සමඟ සහයෝගයෙන් මේ ගැටලුවේදීවත් එකට සිට ගැනීමට මහත්මා ගුණයක් දරාගත් මිනිසුන් නැති හැටියක්...
පැණිය පස්සේ පැන්නුවා. ගඟට මුට්ට් දැම්මා. දේශපාලුවන්ගේ හරිහමන් වැඩ පිළිවෙළක් නැතිකම තමයි සේරටම මුල...
නොදන්නා දේවල් කරන්න ගිහින් වරිගෙ නහගත්තා කිව්වේ ඔබතුමිය නේද?
එන්නත් ඇනවුම් කරන්න කිවුවම ඕනේ නැහැ කිව්ව ය තමා මේ
ඕක අපිට කියනේ නැතුව සෞඛ්‍ය ඇමති විදිහට ප්‍රතිපාධන හදන්න නවසීලන්තේ වගේ කොරෝනා මැද පැවතීමට
දරුවන්ට පැණියෙන් පෙව්වේ නැතෙයි? අනේ අප්පේ.. ඔයාගේ රත්නපුරෙත් අවුල්නේ...? සෞඛ්‍ය ගැන දන්න කෙනෙක් එපැයි ඇමතිකමට එන්න.
අපේ රට මුහුදෙන් වටවුණු රටක්... මුල ඉඳලා මේ රෝගයේ භයානක කම දැනගෙන හිටියත් පිටරටින් මේ ලෙඩේ එන එක පාලනයට ඕනෑ තරම් උපාය මාර්ග තිබුණත් ඒ කිසිදෙයක් ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ.
කොරෝනාවෙන් රට බේරාගන්න මුහුදට පනින්න හදපු වෙලාවේ... තල්ලු කරලා දාන්නනේ තිබුණේ...