(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)
සිය 3 හැවිරිදි දරුවාට කුරීරු ලෙස පහර දීමට තැත්කළ පියෙකු මේ මස (28) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් එමි.එන්.එස්. මැණිකේ මහත්මිය අද (25) නියෝග කළාය.
මොහු බලංගොඩ නගරය ආසනයේ පදිංචිකරුවෙකි. මොහුගේ බිරිඳ මීට මාස 6කට පෙර විදේශගත වී තිබෙන බවද පොලිසිය කියයි.
සිය 12 හැවිදිරි දැරිය සහ 3 හැවිරිදි දරුවා මෙම පියා සමග ජීවත් වී තිබේ. ඊයේ (24) දා බලංගොඩ නගරයේ දොරවෙල පාලම අසලදී තුන්හැවිරිදි දරුවාට පියා විසින් පහර දී පාලම පහළට දැමීමට උත්සාහ කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි දුරකතන අංකයට ලැබුණු තොරතුරකට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගැනිණි.
මේ අතර දරුවන් දෙදෙනාද බලංගොඩ පොලිසිය විසින් පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන මහෙස්ත්රාත්වරියගේ නියෝගමත මේ මස 28 දක්වා රැක බලාගැනිීම සඳහා නැන්දනියට බාරදෙන ලදී.
බලංගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපේ රට මොනතරම් පිරිහිලද..?
අම්මලා මැදපෙරදිග වහල්කමට යවලා අපේ රටේ ජාතික අදායම හොයන හැටි ගැන කවුරුත් ලැජ්ජා වෙන්න ඕනේ. මිනිහව නේද කම්කරු, රියදුරු වගේ වැඩකට යවන්න ඕනේ... ඔක්කෝටම වඩා හොඳයි දෙන්නම ලංකාවේ අදායම් හොයාගත්තා නම්... බිරිඳ රට ගියාම මිනිහට ගෙදර වැඩයි, ළමයින්ගේ වැඩයි කරගන්න බැරුව කේන්තියෙන් ඉන්නේ... පොඩි ළමයිත් කරදර කරනවා. මිනිහා ළමයින්ට වෛර කරන්න පටන් ගන්නවා. බිරිඳ නැති නිසා අසහනෙත් වැඩිවීමෙන් තවත් ප්‍රශ්න වැඩිවෙනවා.
මානසික ආතතිය, අවපාතය, නොසතුට නිසා මෙවැනි අපරාධ සිදුවේ. වහාම මානසික වෛද්‍යවරයෙකුට යොමු කළ යුතුයි. දඬුවම් දීමෙන් සුව නොවේ...
කතාව කියන විදිහට නම් සහ සමාජය විකෘති වෙලා තියෙන විදිහ බලපුවාම අවුරුදු 12 ගෑනු දරුවෙක් ඉන්න, බිරිඳ විදේශගත වෙලා ඉන්න මිනිහෙක්ට අනිත් දරුවාව වදයක් වෙලා තියෙන්නේ මොකටද කියලා හිතා ගන්න පුළුවන්. මේ දරුවන් නැන්දනිය ළඟ තිබ්බ එක හොඳ තීන්දුවක්.... මේ වගේ අධමයින්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ. ඔහුට නැවත දරුවන් ලඟට යන්න ඉඩ නොදිය යුතුයි.
මේ වගේ තිරිසන්නු රංජන් රාමනායකගේ සිරකුටියට දමන්න ඕනේ..