(ඉන්දිකා රාමනායක)
තලාහේන හල්බරාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ වැඩ බිමක තණකොළ කපන යන්ත්‍රයක තලයක් වැදීමෙන් බරපතල කැපුම් තුවාල ලබා වසය අවුරුදු 5 1/2 පිරිමි දරුවකු මියයාමේ සිද්ධියට එහි තණකොළ කැපූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.
නොසැලකිලිමත් ක්‍රියාවකින් දරුවාගේ මරණ සිදුකර, ඒ සම්බන්ධයෙන් පොලිසියට ව්‍යාජ තොරතුරු ලබා දී අසත්‍ය කතාවක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
දරුවා වීදුරු බෝතලයක් සමග සෙල්ලම් කිරීමේ දී ඔහු බෝතලය මතට වැටී තුවාල ලැබු බවට සැකකරු මුලින්ම පොලිසියට දැනුම් දී ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ තලාහේන් හල්බරාවේ පදිංචි ජොනිත් මාර්ක් ෆෝන්සේකා නමැති දරුවා බව පොලිසිය පවසයි.
ඔහුගේ තණකොළ කපන යන්ත්‍රය දෝෂයක් නිසා එය එහි බිම තබා කිහිපවරක්ම ක්‍රියාත්මත කළ බවත්, එම අවස්ථාවේ එය වේගයෙන් ඉදිරියට ඇදී ගොස් තලය අසල තිබු හිස් මත්පැන් බෝතලයේ වැදී එය බිදී ගිය බවයි.
එම අවස්ථාවේ තමා යන්ත්‍රය ඔසවා පැත්තට ගත් අවස්ථාවේ ඒ අසලින් සිට සිද්ධිය බලා සිටි දරුවාගේ උදරයේ තලය වැදී උදර ප්‍රදේශය බරපතල ලෙස කැපී ගිය බවට එම සැකකරු ප්‍රකාශ කළ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
537
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
271
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවකුට අනතුරක් කළ තණකොළ කපන්නා මාට්ටු