(එස් හේරත් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තම පෙම්වතාට හෙල්මට් එකක් අරන් දීමට එකතු කරගත් රුපියල් 8000 ක මුදලක් අතැතිව සිටි තරුණියක රවටා පැහැරගෙන ගොස් දූෂණය කර ඇය අත තිබූ මුදල් ද පැහැරගෙන පළා ගිය බව කියන තරුණයෙක් මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩිගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.
අදාළ තරුණියගේ අතින් ඇයගේ පෙම්වතාගේ හෙල්මට් එක පසුගිය දිනෙක බිම වැටී කැඩී යාම නිසා අලුතින් හෙල්මට් එකක් ඔහුට අරන් දීමට ඇය තීරණය කර ඇත.
පාසල් යන වයසේ පසුවන මෙම තරුණිය අත හෙල්මට් එකක් ගැනීමට තරම් මුදල් නොමැති බැවින් ඇය දන්නා කියන අයගෙන් මුදල් ඉල්ලා ගැනීමට තීරණය කර ඇත.
ඒ අනුව පසුගිය 18 වෙනිදා කරවිටාගාර සිට කාක්කපල්ලිය දක්වා මාර්ගය දිගේ ඇය දන්නා කියන අයගෙන් මුදල් ඉල්ලා එකතු කරමින් යන අතරතුර එම මාර්ගය අසල තැඹිලි විකුණමින් සිටි වෙළෙන්දකුගෙන් ද ඇය සිද්ධිය පවසා මුදල් ඉල්ලා තිබේ.
ඔහු ඇයට මුදලක් ලබාදී තැඹිලි ගෙඩියක් ද කපා බීමට දී ඇත.
තරුණිය තැඹිලි වෙළෙන්දාට සිද්ධිය පවසන අවස්ථාවේ එතැන තවත් තරුණයකු සිට ඇතත් ඔහු පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී නැත.
මේ අතරතුර පැමිණි බස් රථයකින් තරුණිය කාක්කපල්ලිය හන්දිය දක්වා ගොස් බසයෙන් බසින විට තැබිලි කඩේ ළඟ සිටි තරුණයා ද එතැනට පැමිණ තිබේ.
ඔහු තරුණිය සමග කතාවට වැටි තව කොපමණ මුදලක් අඩු දැයි තරුණියගෙන් විමසා ඇති අතර එම මුදල තමාට ලබා දිය හැකි බව පවසා තිබේ.
එම මුදල් ලබාදීම සඳහා තමා සමඟ පැමිණෙන ලෙස තරුණියට පවසා ඇති සැකකරු තරුණිය ද කැඳවාගෙන නැවත මැදගම පනිරෙන්ඩාව ප්‍රදේශයට ගොස් පනිරෙන්ඩාව ප්‍රදේශයේ ඇති පාලු පාළු නිවසකට රැගෙන ගොස් තරුණියව දූෂණය කර තිබේ.
තරුණිය දූෂණය කිරීමෙන් පසු ඇය අත තිබූ රුපියල් 8000 ක මුදල ද පැහැරගෙන අදාළ සැකකරු පලාගොස් ඇත.
පසුව තරුණිය තම නිවසට ගොස් දෙමාපියන්ට සිද්ධිය පවසා ඔවුන් සමඟ මාදම්පේ පොලීසියට පැමිණ පැමිණිල්ලක් කර ඇත.
අදාළ තරුණිය තම පෙම්වතාව හමුවීම සඳහා හලාවත බස් නැවතුම්පොලට ගිය අවස්ථාවේදී සිද්ධියට අදාළ සැකකරු බස් නැවතුම්පපොලේ සිටිනු දැක තරුණිය ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමෙන් පසු පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
517
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියකගේ අහිංසක බලාපොරොත්තුව කාමාතුරයකු වනසයි
Channa Tuesday, 20 June 2023 06:22 PM
පාසල් යන පෙම්වතියක් අතින් පෙම්වතාගේ හෙල්මට් එක කැඩුණාම, පෙම්වතා අලුත් හෙල්මට් එකක් ඉල්ලලා.... පාසල් යන දැරිවිය හෙල්මට් එකක් ගන්න සල්ලි ඉල්ලන්න පාරේ ඉන්න තැඹිලි වෙළෙන්දෙක් ළඟට ගියා. ඔතැන කතාව අහගෙන හිටිය කෙනෙක් මේ දැරිවි ගිය බස් එකේ ගිහින් බැහලා සල්ලි දෙන්න පාලු නිවසකට එක්කන් ගිහිල්ලා. දැරිවිත් සල්ලි ඉල්ලා ගන්න පාලු ගෙදරකට ගිහින්. දැරිවිව දූෂණය කරලා. මට කතාව විශ්වාස කරන්න අමාරුයි. ඒත් ඔයාලාට හිතෙන්නේ මොනවාද?
fairoos Tuesday, 20 June 2023 06:47 PM
ගැහැණු ළමයෙක් මෙහෙම හැසිරෙන්නේ මානසිකව අවුල් ද මන්දා
පැරකුම් Tuesday, 20 June 2023 10:15 PM
අධිකරණය පැකිලීමකින් තොරව චූදිතට උපරිම දඩුවම දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.
හේෂාන් Wednesday, 21 June 2023 12:37 PM
බිම වැටිච්චම කැඩෙන හෙල්මට්ද ඔලුවේ ආරක්ෂාවට තියෙන්නේ...!
pakeer Wednesday, 21 June 2023 02:08 PM
දෙමල චිත්‍රපටියක් වගෙ..අනෙ මඩ.....හරිම උභතොකොටිකයි