(  සිතුම් චතුරංග සහ ඉන්දිකා රාමනායක)

යාපනය, කල්වියන්කාඩු, ජි.පි.එස් ක්‍රීඩාංගණය අසල ගොඩනැගිල්ලක් තුළ පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු හයදෙනකු අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා නව හැවිරිදි දැරියක අපයෝජනය කර ඇති බවටවූ සැකයක් මත දැරියගේ ඥාතීන් පිරිසක් පුද්ගලයා පැහැරගෙන ගොස් ගොඩනැගිල්ලේ රදවාගෙන පහරදී ඇති බව විමර්ශනවලදී අනාවරණයවූ බව පොලිසිය පැවසීය.

එලෙස පහරදීම් වලින් මියගොස් ඇත්තේ යාපනය, කෝපායි ප්‍රදේශයේ පදිංචි කනපතිපිල්ලෙයි මහේන්ද්‍රන් නමැති 52 හැවිරිදි පුද්ගලයෙකුවේ .

ක්‍රීඩාංගනය අසල මියගිය පුද්ගලයකුගේ සිරුරක් පවතින බවට කෝපායි පොලිසිය වෙත ලැබුණ තොරතුරක් අනුව කෝපායි පොලිසිය හා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සිදුකළ විමර්ශනයකදී පිරිමි පුද්ගලයින් හතර දෙනෙකු හා කාන්තාවන් දෙනෙකු එලෙස සැකපිට අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.