
(ඉන්දිකා රාමනායක)
තලේමන්නාරම ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි මස වයස අවුරුදු නමයයි මාස පහක් වයසැති දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටියදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය මහජන සහාය පතයි.
තලේමන්නාරම පොලිසිය විසින් අපරාධ සිද්ධියට පසු දින මෙම සැකකරු අත්අඩංගුවට ගෙන මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කර සිට ඉකුත් මාර්තු මාසේ දිනක අසනීප තත්ත්වයක් හේතුවෙන් වවිනියාව රෝහලට ඇතුළත් කර තිබියදී. බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.
මාස දෙකකට ආසන්න කාලයක් පුරා සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය මෙලෙස මහජන සහාය පතා ඇත.
ඉහත ඡායාරූපය වෙසෙන සැකකරු ත්‍රිකුණාමලයේ කුච්චිවේලී ප්‍රදේශයේ පදිංචි (54) හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහුගේ වම් අතේ සහ පපුව මැද සුව වූ තුවාල කැලැල් දක්නට ලැබෙන බවත් , පපුවේ වම් පස උපන් ලපයක් දක්නට ලැබෙන බවත් පොලිස් මූලස්ථානය පවසයි,
මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් තලේමන්නාරම පොලිස් අධිකාරී ( 0718591364), තලේ මන්නාරම පොලිස් ස්ථානාධිපති (0718591370) යන අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝගී තත්වයේ හිටියත් මාංචු දමා තැබිය යුතුයි...
බන්ධනාගාර නිලධාරීන් වගකිව යුතුයි...