රජයේ හා රජයේ අනුමත සියලු පාසල්වල 2023 වර්ෂයේ තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ.
තෙවන පාසල් වාරයේ දෙවන අදියර ලබන වසරේ පෙබරවාරි මස 01 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
2023 උසස් පෙළ විභාගය හේතුවෙන් දීර්ඝ පාසල් නිවාඩුව සිසුනට ලැබී ඇත.
අපොස උසස් පෙළ විභාගය ජනවාරි මස 4 වැනි දා ආරම්භ වන අතර 31 වැනි දා අවසන් වේ.
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,298කදී උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2023 තෙවැනි පාසල් වාරය කියලා 2024 වැඩ කළාම රන් හා සමානයි කියන කාලය නාස්ති වෙනවා. ඉතින් දැන්වත් 2024 වර්ෂයේ 2024 වර්ෂය සඳහා නියමිත අධ්‍යාපන කටයුතු අවසන් කරන්න ක්‍රමයක් හැදුවොත් දරුවෝ නිකම්ම පාසලේම නාකිවීම වළක්වන්න පුළුවන් වේවි.. දේශපාලුවන්ට හැර අනෙක් අයට හැටෙන් පස්සේ රැකියාව කරන්න නොලැබෙන නිසා කෙනෙකුගෙන් උපරිම කාලයක්, රටට සේවයක් ගන්න ක්‍රමයක් නොහදා රට හදන්න බැහැ...