ක්‍රිෂාන් ජීවක ජයරුක්
දරුකමට හදාගැනීමට ගත් බව කියන 05 හැවිරිදි දැරියකට කෲර වධ හිංසා සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට රුහුණ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ කථිකාචාර්යවරයකු අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වන බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
විශ්වවිද්‍යාලයේ කඹුරුපිටියේ නිල නිවසක සිටින දරුවකු අසාමාන්‍ය ලෙස නිතර අඬන බවට කිසිවකු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාට දුන් තොරතුරකට අනුව ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත.
ඒ අනුව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් කඹුරුපිටිය නිල නිවසට ගොස් එම දැරිය පොලිස් භාරයට ගත්තේය.
ඒ වන විටත් ඇයගේ ශරීරයේ ස්ථාන රැසක පහරදීම් හේතුවෙන් නිල් පැහැ ගැන්වී තිබූ බවත්, නාසය, තොල්, තල්ල ආදී ශරීර අංග තුවාල වී තිබූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
වෛද්‍ය පරික්ෂණයකට ලක් කර අධිකරණ නිලධාරි වාර්තාවක් ලබා ගැනීම සඳහා දැරිය මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරු බෙල්ට් එකක් කැඩෙන තෙක් එම දැරියට පහරදී ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇත.
ළමා නිවාසයක සිටි එම දැරිය හදාගැනීම සඳහා නඩුවක් මගින් ලබාගෙන ඇති බවද කියති.
මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (18) කරුණු වාර්තා කිරීමට නියමිත අතර ඉන් පසුව සැකකාර කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි වරුණි කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවයි.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දරුකමට අරන් ඇතිවෙන්න තඩිබාලා:සරසවි ඇදුරා සෙයයි
රාලහාමි Sunday, 17 December 2023 10:56 PM
දරුකමට හදාගන්න කියලා අරගෙන ඔය ළමයින්ගේ කෑලි ගලවලා විකුණන අමනුස්සයෙක් වෙන්න ඇති.ප්‍රවේශමෙන්. ඔය වගේ උන් සමාජයට මුදාහරින්න එපා.හිරේදීම උගේ වැඩේ ඉවරකරන්න කට්ටියට බාරදෙන්න.
රංබොඩ Sunday, 17 December 2023 11:57 PM
තිරිසනා ඉගෙන ගත්තා කියලා වෙනසක් නෑ.
ලුම්බිණි Monday, 18 December 2023 04:06 AM
රුහුණ විශ්ව විද්‍යාලය මොහුට විරුද්ධව කටයුතු කල යුතුයි.
Deepal Nirosh Monday, 18 December 2023 03:43 PM
මෙතන සිදුවුණේ කථිකාචාර්වරයා තාක්ෂණිකවම දරුවා හදාගන්න කටයුතු කිරීමයි, ඒ නිසා අතන මෙතන පොඩ්ඩක් තැලෙන්න ඇති.