(ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන පහක පාසල් දරුවන් 2,000 කට ආසන්න පිරිසකට අන්තර් ජාල පහසුකම් සපයා ගැනීමට දුරකතන සංඥා නොමැතිවීමෙන් ඔන්ලයින් ක්‍රමය යටතේ අධ්‍යාපනය හැදෑරිමේ හැකියාවන් අහිමි වී දැඩි අපහසුතාවට ලක්ව ඇතැයි කියති.
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මේල්පිටිය,මුරුතෝළුව,නිකුළ,බිබිල හා උස්වැත්තෑව ආදී ගම්මාන වල පාසල් දරුවෝ මාතලේ දිස්ත්‍රික්කයේ විවිධ පාසල් වල අධ්‍යාපන කටයුතු සිදුකරති.
මේම ගම්මාන සියල්ලේම ඔන් ලයින් හරහා අධ්‍යාපනය හැදැරීමට දුරකතන සංඥා පවතිනුයේ වෑමැඩිල්ල ජලාශය අසල පිහිටි ගල් තලාවට කිලෝමීටර් 3-4 පමණ දුරකිනි. ඒ සදහා ද වැඩිහිටියන්ගේ සහාය ලබාගැනීම සිදුවනු බව දරුවෝ පවසති.
ඔන් ලයින් අධ්‍යාපන ක්‍රමයන් යටතේ අලුයම් කාලයේ සහ මධ්‍යම රාත්‍රියේ ඉගැන්වීම් සිදුවන බවත්, රාත්‍රියේ වෑමැඩිල්ල ජලාශය අසල පිහිටි ගල් තලාවට නොයෑම හේතුවෙන් තමන්ට දෛනිකව පාඩම් ප්‍රමාණයක් අහිමි වන බව ද පාසල් දරුවෝ කියති.
මෙම ගම්මානවල දරුවන්ගේ මව්පියන් බොහෝදෙනා සිය ජීවිකාව සරි කරගනුයේ ගොවිතැනෙනි. ඇතැම් මව්පියන් සතුව දරුවන්ට ඔන් ලයින් අධ්‍යාපනය ලබා දීම සඳහා ජංගම දුරකතනයක් හෝ නොමැත.
අධ්‍යාපනය හැදැරීමට ඇතැම් අවස්ථාවල කිලෝමීර් 6 ක් පමණ දුරින් පිහිටි නාඋල නගරයට දරුවන් යැවීමට සිදුවන බව මව්පියෝ කියති.
නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දුරකතන සංඥා නොමැති ප්‍රදේශ පිළිබදව වගකිවයුතු බලධාරින්ගේ කඩිනම් අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නැයි මව්පියෝ සහ පාසල් දරුවෝ ඉල්ලා සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙක නම් මහ කරුමයක්... දුක් විදින එකාටම තමයි මෙ හැම හෙණයක්ම...
මෙවා දකිනකොට අපේ රට කොතනද තියෙන්නේ කියලා හොදටම පැහැදිලියි. අපි එකතැන පල්වෙන ජාතියක්...
වයිෆයි එකේ මුවාවෙන්... දැන් මෙයාලා වෙන වෙන හේතු නිසා වනජීවීන් බවට පත්වෙලා කියලත් ආරංචි මාර්ග කියනවා. අපි පස්සෙන් ගිහින් බලමු. රෑ තිස්සේ කලවැදිලා මොනවද කරන්නේ කියලා... හැබැයි හිනාවෙලා විතරක් එපෝ....
අපොයි රටකට ගිය කලක්. චන්දෙවත් ඉල්ලපු නැති සමහරු කියනවා " අපට බාරදුන්නේ බංකොලොත් උන රටක් " කියල. කවුද දන්නේ නැහැ එයාට රටක් බාරදුන්නේ? ලංකාවනන් වෙන්න බැහැ. සමහර විට ඇමෙරිකාව ගැන වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ....
බොරු ෂෝ.... ඔන්ලයින් අධ්‍යාපනය ....