(යොහාන් භාසුර)
වැට් බැද්ද ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු හෙට(1) සිට සියයට 42 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි.
ඒ අනුව දේශීය ඇමතුම්, කෙටි පණිවිඩ, අමතර සේවා සඳහා වන මුළු බදු අගය සියයට 42.02 ක් වන බවත් ඩේටා සහ විදේශ ඇමතුම් සඳහා මුළු බදු අගය සියයට 23.50 ක් වන බවත් එම සමාගම් සඳහන් කරයි.
පෙරගෙවුම් ඩේටා කාඩ්පත් කිහිපයක ඩේටා ප්‍රමාණය අඩුකර ඇති අතර, ඒවායේ බදු ඇතුළත් මිල නොවෙනස්ව පවතින බවද ඇතැම් දුරකථන සමාගම් වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වෙන්න එපායෑ.. මොකද ඊළඟ ජනාධිපතිවරණය වෙලාවේ හයක් හතරක් නොදන්නා මෝඩයෙක් ජනාධිපති කරන්න කතිරය ගහන්න කෙනෙක් නැතිවෙනවනේ... දැනටත් ස්ථාවර දුරකථන පහසුකම් ලබන අයගේ බෙල්ල නොකපා තියෙනවා කියන්න පුළුවන්... දැන්වත් වොයිස් බන්ඩල් රෙන්ට් වගේ බදු රාශියක් තිබුණත් රජයේ බදුවලට වඩා තියෙන්නේ විවිධාකාරයෙන් ගසාකෑම තමයි.. ඔය අතරේ දැන් බිල් එවන්නේ නැති නිසා හොරාකන්න ඕනෑතරම් ඉඩත් තියෙනවා...!
"බදු හෙට(1) සිට සියයට 42 කට අධික ප්‍රතිශතයකින් ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි. " මේකෙ තියන විදිහට හෙට(1) ඉදන් බදු 42% ඉහළ යනව. ඒත් ඇත්තටම ඒකද වෙන්නෙ. නැත්නම් මුළු බදු ප්‍රමාණය 42% වෙන එකද ?
වැට් බදු 15% සිට 18% දක්වා වැඩිවුනේ 3% කින් නම් 42% වැඩි කරන්නෙ මොන පදනමෙන්ද මේ කරන්නෙ සූරාකෑමක් වෙන්න පුළුවන් මේ මුදල් රජයට ලැබෙනවාද කියලා බලනවා නම් හොදයි