



(ලසන්ත නිරෝෂණ පෙරේරා)
අන්තර්ජාලය හරහා ඉගෙනුම් කටයුතු සිදු කිරිමට කන්දක් නැග දුරකතන සංඥා සොයා යන පාසල් දුදරුවන් සිටින ගමක් පිළිබඳව බලන්ගොඩ මොළමුරේ ප්‍රදේශයෙන් වාර්තා වේ.
කිලෝමිටරයක් පමණ කැලෑවක් ඔස්සේ දුර ගොස් කන්දට නැග දුරකථනවලට සංඥා ලබා ගැනිමට මෙම දරු දැරියෝ අපමණ වෙහෙසක් දරති.
රක්ෂිත වනාන්තරයක් මැද පිහිටි කදු මුදුනේ මෙම සිසුන් වෙනුවෙන් තාවකාලිකව අතු සෙවිලි අට්ටාලයක් ද දෙමාපියන් සකසා තිබේ. මේ දිනවල පවතින අධික වැසිද ඔවුන්ගේ ඉගෙනුමට බාධාවක් වන නිසා මව්පියන් එසේ සිදු කර ඇත.
අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම කරන පන්ති රාත්‍රි කාලයේදී ත් පැවත්වෙන නිසා මෙම දුදරුවන් රාත්‍රියේදිත් කදූ මුදුනේ ඇති කැලෑවට යාම ඔවුන්ගේ ආරක්ෂාවට ඇත්තේ තර්ජනයක් බව මව්පියෝ පවසති.
පාසල් දු දරුවෝ 200 දෙනෙක් පමණ මෙම ප්‍රදේශයේ සිටිති .එමෙන්ම නිවෙස් වල සිට රැකියා කිරිමට සිදුව ඇති වැඩිහිටියෝද දරුවන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් සමග නිතර දෙවේලේ කඳු මුදුනට යති.
කඩිනමින් මෙම ගැටලුවට විසඳුමක් ලබා දෙන මෙන් ගම්වාසීහු බලධරයින්ගෙන් ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේටම බලධාරීන් කියලා රජයට ඇඟිලි දික් කරන්න නෙවෙයි තමන් ඉන්න පැත්තට දුරකථන සංඥා ලැබෙන්නේ නැත්නම් ඒක අදාළ දුරකථන සමාගමටවත් කියලා බැලුවේ නැද්ද? මෙච්චර කාලයක් මිනිස්සු ජංගම දුරකථන පාවිච්චි කරා. ඒත් මේ වෙන විකල්පයක් නැති තැන මෙ ක්‍රමයට පාඩම් ටික දෙන්න ගත්තාම ලංකාවේ කොහේ හෝ අස්සක දැන් තමයි දුරකථන සංඥා ගැන පුවත් මවන්නේ... ප්‍රශ්නය සාධාරණයි. ඒත් මේක මේ අද ඊයේ මතු වෙච්ච ගැටළුවක් නොවේ...
මේක දැන් මාධ්‍ය සංදර්ශනයක් වෙලා. මට හිතෙන්නේ wifi තමුන්ගේ ගමට ගන්න වැඩිහිටියෝ ළමයින්ව යොදාගන්න සිද්ධියක් තමයි මට පේන්නෙ. මේ වගේ දුෂ්කර පළාතක පාසැල් වලට පහසුකම් දෙන එකයි කරන්න ඕනේ. හැමදාම ඔන්ලයින් ක්‍රමයෙන් උගන්වන්නේ නෑනෙ ! ඊටත් වඩා මෙහෙම ගියොත් හැම කන්දකම කුලුනක් ඉදිකරන්න වෙයි. ඒකෙන් අනාගතයේදී පරිසරයට සහ පළාතේ මිනිස්සුන්ට වන හානිය ගැන හිතන්න ඕනේ. මගේ අදහස wifi වලට ඉස්සෙල්ලා පාසැල් වලට පහසුකම් සහ ගුරුවරු දිය යුතුයි. මේ ලමයි ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගන්නවාට විරුද්ධව කුහක කමට කියන අදහසක් නෙමෙයි !
අපොයි අපේ රටට වෙච්ච දෙයක්. සෞභාග්‍යය ආව දවසේ ඉඳල අහන්න ලැබෙන්නේ ලෙඩරෝග, ස්වභාවික විපත්, අනෙකවිධ කරදර දුක් කම්කටොලු පමණයි. සියලු ව්‍යසන සඳහා විසඳුම ලෙසට මුට්ටි සමඟ දේව බලයෙන් නිෂ්පාදිත පැණි ප්‍රචාරය කරන අතරතුරේ ඇත්තෝ ඉතින් යහමින් සැප විඳිති. නැත්තන්ට තමයි දහ දුක විඳින්න වෙලා තියෙන්නේ.
මට හරීන්ගේ ගූගල් බැලුමයි .. සිරිසේනගේ සංකේතයයි මතක් වුණා ...
ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා, ක්‍රීඩාංගණ, ගුවන් තොටුපලවල් හදන්න හීන දකින රජුන් ඉන්න රටක ඔවුන් පත්කළ ජනතාවට ගිය කලක්...
මෙ වෙලාවෙ මිනිස්සුන්ට මෙවා වැදගත් නැහැ. කොරෝනා මරණ ආදාහනයක්ද, භූමදානයක්ද කියන එක තමයි ප්‍රශ්නේ...
ඉගෙන ගන්න ළමයින්ගේ පෙළ පොත බලලා ලස්සනට ඉගෙන ගන්න.. ඔය ටැබ්ලට්වල එල්ලිලා ඉන්නේ නැහැ. කොහොම වුණත් මේක ග්‍රාමීය, නාගරික පරතරයක් ඇතිකරනවා.
" ලබනා අදහසින් සිප් නැණ වෙහෙස ගෙන ... නැණවත් දරු පැටව් දිවියට දෙවයි පණ ... විඳගෙන දුක් ගැහැට ඉගෙනුම වෙතට පැන ... වැඩ ඇති දූ පුතුන් ලෝකය බබළවන ... "
මෙකට තමයි ලංකාවේ 4g තාක්ෂනය කියන්නේ!
මැතිවරණයට පෙර අපිට වයිෆයි දෙනවයි කියලා අපේ ඡන්දය ලබාගත්ත අය , ඇයි අපිට මෙව්වා නොදෙන්නේ...?
මෙ අහිංසක දරුවෝ ඉලෙනීමට තියෙන උනන්දුව නිසා මෙ සතා සර්පයා ඉන්න කැලෑවෙ බඩගාන්නේ ඒ දරුවන්ව ඉස්සරහට දාලා කවුරුවත් මොනවත් ඉල්ලනවා කියන්න පිළීගන්න බැහැ. ඔන්ලයින් වෙබ් සටහන් වීඩියෝ කරලා සීඩී තැටියකට දාලා ඛෙදාහරින්න ඔන්ලයින් නොවුණට කමක් නැහැ. මෙ හැම දේම රජයකට කරන්න අමාරුයි. නමුත් ඒ දරුවන්ට අසාධාරණයක් නොවිය යුතුයි. කවුරු මොනවා කිව්වත් ජනතා බදුමුදලින් ඔවා කරන්න වෙන්නේ...
මේ මේ කියන ඔන්ලයින් අධ්‍යාපනය නම් ඩිජිටල් ඩිවයිඩ් කෙසේ වෙතත් දෙමාපියන් සහ දරුවන් අසහනයෙන් අසහනයට පත්කිරීමකි. කවදා හෝ පාසැල් ගිය දවසක අප අතර විශාල පරතරයක් ඇතිවේවි යයි දරුවන් තුල මහා අසහනයක් දැනටම තිබේ. මෙමගින් බොහෝ අහිතකර ප්‍රතිඵල ලැබේවි. මේ මහා සිලබස් කවර් කිරීමේ පීඩනය හිතේ තබාගෙන ගුරුවරු ද අසහනයකට පත්වී ඇත. මහා සිලබස් එකේ නැගීම පසෙකලා කාටත් සමසේ ළගාකරගත හැකි එහෙත් අභියෝගාත්මකවන සේ සරල කරන ලද සිලබසයක්- වයර්ලස් යන්ත්‍රය හෝ රූපවාහිනී යන්ත්‍ර භාවිතයෙන් සමව බෙදීමෙන් මේ ඉදිරි ගැටලුව මගහරවා ගතහැකි වේවි. සිලබස් වවාගෙන කන අය නම් මේ ක්‍රමය පහත්කරාවි.