(සුනිල් ඒකනායක)

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නකලස් කදු පද්ධතියේ පහළ කොටසේ පිහිටි ගම්මාන රාශියකට ජංගම දුරකතන සදහා නිසි ලෙස අදාළ සංඥා නොලැබීම හේතුවෙන් එම ගම්වල අධ්‍යාපනය හදාරන දූ දරුවෝ සහ ගම්වාසීහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

අති දුෂ්කර වනගත ගම්මාන වශයෙන් හැදින්වෙන ගලමුදුණ උඩගලදෙබොක්ක හා මැදකැලේ යන ගම්මාන සහ උඩත්තවල පමුණුපුරල ළිහිණියකැටියල නෙළුම්මලල පල්ලේගල දෙබොක්කල උඩඇස්සැද්දුමල මීගහමඩල දුන්ගොල්ලල බැද්දේමුල්ල ඇතුළු ගම්මාන රාශියක ජනතාව මෙම සංඥා ගැටලුවට මුහුණ පා සිටින බව සඳහන් වේ.

උඩත්තව වයිග එම්ග කරුණාරත්න මහතා මේ සම්බන්ධව මෙසේ කීය.

මෙම සංඥා ගැටලුව නිසා මේ ගම්වල පදිංචි මාර්ගගත ක්‍රම ඔස්සේ අධ්‍යාපනය හදාරණ දරුවන් ද මහත් අපහසුතාවකට පත්ව සිටිනවාග ගමේ අයකුට හදිසි කරදරයක් වූ විටකදී සිය ඥාතියකු ඇමැතීමට හෝ නිතර සිදුවන වන අලි ප්‍රහාරයක දී හෝ වෙනත් කරදරයකදී වනජීවි කාර්යාලයටල පොලිසියට වෙනත් ආයතනයකට  පණිවිඩයක් ලබාදීමට නොහැකි තත්වයක් තිබෙනවා.

 ඇතැම් ගැමියන්ට සිය ජංගම දුරකතනය ගෙන සංඥා ගමේ හෝ නිවස අසල තිබෙන උස ගසකට හෝ වන අලි ගම්වැදිමේදී අලි පලවා හැරීමට රාත්‍රියේ නවාතැන් ගන්නා කුඹුරේ ගස මත ඉදිකළ අට්ටාලයකට නැග තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට සිදුවෙනවාග මෙය කාන්තාවන්ට හෝ කුඩා පාසල් දරුවන්ට කළ නොහැකියි.

මෙය දිවා කාලයේ කළත් වර්ෂාව සහ රාත්‍රි කාලයේ ගමේ නිතර ගැවසෙන වන අලි රංචු නිසා කළ නොහැකියි .

--