IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දුරකතන මෙවලමක් කනේ ගසා නින්දට ගිය තරුණයා මරුට

(ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව බංගදෙනිය වෙහෙරකැළේ නිවෙසක හෑන්ඩ් ෆී දෙකක් කනේ ගහගෙන නින්දට ගිය තරුණයකු නිදියහනේම මියගොස් ඇතැයි   හලාවත පොලීසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව බංගදෙනිය වෙහෙරකැළේ පදිංචි විජයසූරිය ගුණවර්ධන මහවඩුගේ හසිත් සඳරුවන් පෙරේරා නැමති 21 හැවිරිදි තරුණයෙකි.

පියා එලවලු ගොවිතැන් කටයුතුවල යෙදෙන අතර මරණකරු ඔහුගේ එකම සොහොයුරා එකතුව හයිබි්‍රඩ් රථවාහන අලුත් වැඩියා කිරීමේ ව්‍යාපාරයක යෙදී ඇත.

සිද්ධිය වූ දින අලුම මවත් පියාත් උදෙන්ම එලවලු කොටුවට ගොස් ඇති අතර මල්ලි උදේ 7. 30 පසුවන විටත් නැගිට නැති හෙයින් කතා කළත් ප්‍රතිවාර නොදැක්වීම හේතුවෙන් ඇතුලතින්  දමා තිබූ අගුලු කඩා කාමරයට ඇතුලුවන වන විට සිය මල්ලි ටෙලි පෝනයට සම්බන්ධ හෑන්ඩ්ප්‍රී එකද කනේ ගසාගෙනම නිදා සිටි බව ඔහුගේ සහෝදරයා විසින් පොලීසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වේ.

අනතුරුව මව්පියන් කොරටුවෙන් ගෙන්වා ගෙන අසල්වාසීන්ගේද උපකාර ඇතිව තරුණයා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුලත් කරත් ඒවන විටත් තරුණයා මරණයට පත්ව සිටිබව රෝහල් ආරංචිමාර්ග පවසයි.

 



අදහස් (2)

දුරකතන මෙවලමක් කනේ ගසා නින්දට ගිය තරුණයා මරුට

Aruna Manipura Sunday, 17 December 2023 09:01 AM

හෑන්ඩ් ෆී දෙකක් සහ මරණය අතර සම්බන්ධය මොකද්ද?

:       0       4

චින්තක Sunday, 17 December 2023 04:10 PM

කිසිම ප්‍රශ්නයක් නැහැ... නිදාගන්න වෙලාවට ඇඳ මතවත් තියාගන්න එපා කියලා තමයි අහලා තියෙන්නේ... කෙනෙක් මරණයට පත්වෙලා තියෙද්දී එහෙම වුණේ මොකද කියලා සෙවීම හොඳයි.. මම අහන්නේ ⚡ අකුණු පවතින වෙලාවට විදුලි උපකරණ විසන්ධි කරන්න කියන්නේ ඇයි කියලා. ඕක තමයි පරණ ප්‍රශ්නෝත්තර කටපාඩම් කරලා විභාග ලිව්වාම ඇතිවෙන තත්වය කියලා තේරුම් ගන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site