IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දරු දැරියන්ගේ සිත් රූ බලන්න ජනපති යයි

(අංජුල මහික වීරරත්න)

ආබාධ සහිතවූවන්ගේ සෞන්දර්ය කුසලතා ගොඩනැංවීම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන “සිත් රූ- 2025” ප්‍රසංගය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි. 

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ රජය ක්‍රියාත්මක කරන “එක්ව - අත් නොහැර” ජාතික ප්‍රතිපත්තියට අනුව ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සමාජගත කිරීම, සවිබල ගැන්වීම, පුනරුත්ථාපනය සහ රටේ ආර්ථික ප්‍රවාහයේ සක්‍රීය කොටස්කරුවන් ලෙසත්, අභිමානවත් පුරවැසියන් ලෙසත් ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් එක් ක්‍රමෝපායක් ලෙස සිත් රූ ප්‍රසංගය සංවිධානය කරනු ලබයි. එය මෙවර සංවිධානය කෙරුණේ වසර 06කට පසුව වීම විශේෂත්වයකි.

ආබාධ සහිත  පුද්ගලයන් පුනරුත්ථාපනය, සවිබල ගැන්වීම හා රැකවරණය වෙනුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව  වෙත මෙවර අයවැයෙන් රුපියල් මිලියන 632ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. 

“සිත් රූ 2025” පළාත් තරගාවලියෙන් ජයග්‍රහණය කළ ළමා මාර්ගෝපදේශ මධ්‍යස්ථානවල, ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සහ වෘත්තීය පුහුණු ආයතනවල දරු දැරියන් වෙත තිළිණ සහ සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. 

එම දරු දැරියන් සමඟ සුහද කතා බහකට එක් වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපවලටද එක් විය.

සිසුවියක් විසින් අඳින ලද, ජනාධිපතිවරයාගේ රුව රැගත් ඡායාරූපයක්ද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්විණි. 

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න යන මහත් මහත්මීහු සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

 



අදහස් (0)

දරු දැරියන්ගේ සිත් රූ බලන්න ජනපති යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site