
(යොහාන් භාසුර , පුෂ්පකුමාර මල්ලවආරච්චි "සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම් )
කොළඹට ඇතුළුවන සහ පිටවන දුර ගමන් සේවා බස් රථවලින් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව සහ මහනුවර යන මාර්ග ආවරණය වන පරිදි විශේෂ පරීක්‍ෂවක් පොලිස් මූලස්ථානයේ අධීක්‍ෂණයෛන් අද (5) ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පැවසීය.
‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කරන මෙම පරීක්‍ෂාව මීගමුව මාර්ගයේ ඔලියමුල්ල ප්‍රදේශයේ ද, මහනුවර මාර්ගයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ද, මාර්ග බාධය යොදා ක්‍රියාත්මක කරන බව කී පොලිස් මූලස්ථානය ඊට අමතරව සමස්ත රටම ආවරණය වන පරිදි පොලිස් කොට්ඨාස 45 ආවරණය වන පරිදි ද බස් රථ පරීක්‍ෂා කරන බව ද සඳහන් කළේය.

නිට්ටඹුව මූලස්ථාන පොලීසිය ඉදිරිපිට බස් පරීක්ෂා කළ අයුරු
(ඡායාරූප පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පානදුර නගරයේදී බස් පරීක්ෂා කළ අයුරු


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය ජනතාවට අපහසුවක් දැනේවි. නමුත් මේ ක්‍රියාව සඳහා සම්පූර්ණ සහයෝගය දී අපහසුතා දරා ගැනීම සමස්ථ නීත්‍යානුකූල ජනතාව ගේ වගකීමක්...
අන්න එහෙම පරික්ෂා කරන තැන පත්තරේ දාලා තමයි කරන්න ඕනෑ... හොඳ වැඩේ... කුඩ්ඩන්ට...
මේ පරීක්ෂා කිරීම් අලුත් දෙයක් නොවෙයි. මේ පරීක්ෂා කිරීම්වලට ප්‍රසිද්ධියක්ම දීම පරීක්ෂණ වලට අවාසියි...!