(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

දියවන්නා ඔයේ මාලු ඇල්ලීමට යාමේදී ඔරුවක් පෙරලීමෙන් දියේ ගිලී  අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර අද (27) අළුයම සොයා ගත් බව තලංගම පොලිසිය පවසයි

මෙසේ මියගොස් ඇත්තේ රාජගිරිය වැලිකඩ බුත්ගමුව  පාර  පදිංචි එස්. සයුර ගිම්හාන  නමැති  18 හැවිරිදි තරුණයෙකි .

මොහු තවත් මිතුරන් තිදෙනකු සමඟ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අසල පිහිටි දියසරු උයන අසලට පැමිණ ඉන් දෙදෙනෙකු  දියවන්නා ඔය වටා ඉදිකර ඇති ආරක්ෂක වැටකින් අනවසරයෙන් ඇතුළුවී  ඔරුවක ආධාරයෙන් මාලු ඇල්ලිමට දියවන්නා ඔයට ඊයේ (26) අලුයම  ගොස් තිබේ.

එම අවස්ථාවේදී එක්වරම තරුණියන් දෙදෙනා සිටි ඔරුව පෙරලී  ඇති අතර ඉන් එක් තරුණයකු පිහිනා ගොඩට විත් ඇති අතර අනෙත් තරුණයා දියේ ගිලි අතුරුදන්ව තිබුණි.

පසුව ගොඩට පැමිණි තරුණයා සිද්ධිය මාර්ගය රැඳී සිටි තරුණයන්ට දැන් වීමත් සමඟ කලබලයට පත්වූ ඔවුන් මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථ රියදුරෙකුට නිරීක්ෂණය වී තිබුණු අතර ඔහු, ඉදිරියේ ආරක්ෂාවට රැඳී සිටි පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමත් සමඟ එම නිළධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇත.

එහි සිටි තිදෙනාගෙන් දෙදෙනෙකු පළාගොස් ඇති අතර එක් තරුණයකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .

ඒ අනුව මාළු ඇල්ලීම සඳහා භාවිතා කළ ඔරුව ද පොලිස් බාරයට ගෙන තිබේ

අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදාවේ සහ ජීවිත ආරක්ෂක නිලධාරීන් ඊයේ දවස පුරා මෙහෙයුමක් දියත් කළ ද අතුරුදන් වූ පුද්ගලයා සොයාගැනීමට නොහැකිවූ  අතර අද අළුයම  අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර පාවෙමින් තිබෙනු දැක තිබේ. ඒ අනුව නාවික හමුදා නිලධාරීන් හා ජීවිතාරක්ෂක නිලධාරීන් එක්ව  දියවන්නා ඔයේ පාවෙමින් තිබූ මළ සිරුර  ගොඩගනු ලැබීය.

පසුව එම ස්ථානයට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැමිණ ස්ථානය පරීක්ෂණයක් සිදුකොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත දේහය  අයි ඩී එච් රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් තලංගම  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාගේ උපදෙස් වැඩිදුර පරීක්ෂණ පවත්වති .

මියගිය තරුණයා