
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි වටිනා උපකරණ රැසක් අබලන්වීමෙන් එහි කටයුතුවලට බාධා මතුව ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තු මුළුතැන් ගෙයි වැඩ කටයුතු කාර්යක්ෂමව කිරීම සඳහා නවීන උපකරණ රැසක් කාලයක සිට පාවිච්චියට ගැනිණ. මින් උපකරණ බොහොමයක් මේ වනවිට කැඩී බිඳී ගොස් ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දැඩි මූල්‍ය අර්බුදයක් පවතින හෙයින් මේ අවස්ථාවේදී එම උපකරණ මිලදී ගැනීම හෝ අලුත් වැඩියා කිරීම කළ නොහැකිව තිබෙන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමුත්තන්ට මෙන්ම සේවකයන්ට දිනපතා ආහාර පිළියෙල කරනු ලබන්නේ මෙම පාර්ලිමේන්තු මුළුතැන්ගෙයිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව මූල්‍ය අර්බුදයක. රට ගැන කවර කතාද? ඉතින් රට ගොඩදායිද මෙයාලා... ඇවිල්ලා මාස 4ක් වෙලත් පාර්ලිමේන්තු කුස්සියේ අඩුපාඩු හදාගන්න බැහැ. රටට දෙයියන්ගේ පිහිටයි...
ඔය කුස්සිය අළුත්වැඩියා කරලා, එකෙන් තුට්ටු දෙකකට කන පිංගුත්තරයන්ගෙ බඩවල් පීප්ප වගේ විශාල කරන්න, මහජන මුදල් වියදම් කරනවාට වඩා, කරන්න වෙන ප්‍රයෝජනවත් වැඩ රජයට තියෙනවා.
ඉන්දිකට අනුව ලංකාව යනු ලෝකයේ සංවර්ධන අදිත් ඉදිරියෙන්ම ඉන්න එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ දියුණුවට තිබ්බලු ශ්‍රී ලංකාව 2024 වෙනකොට...
දැන් දැන් එළිවෙන කරුණු කාරණ අනුව නම් අවුරුදු ගාණක් තිස්සේ කෙරිලා තියෙන්නේ බාගෙන කනවා වෙනුවට ඉහගෙන කෑමයි... ඔතන ඉහින්න ගියොත් හැමෝම දැනගන්න නිසා වේලාව එනකල් කොකා තපස් රකින්න ඇති
පහුගිය කාලේ හිටපු අය කාලා බීලා විතරක් හිටියේ නැහැ. ඔවුන්ගේ ගෙවල්වල ඉන්න අයටත් පොදි ගහගෙන අරන් ගියේ? පාර්ලිමේන්තුවට එනකොට හිටපු විදිය නෙවෙයි, පහුවෙන කොට බඩජාරීකමට කාපු හැටි පේනවා... ඇඟපත ඇරලා ගිය හැටි දැක්කාම. කුස්සියේ බඩු ගැන කවර කතාද?
ඉතා ඉක්මනින් අලුත්වැඩියා කරනු...!
ලෙඩ කුස්සියකින් කෑම නොකන තරමට හොඳයි.. කාලා ලෙඩක් හැදුනොත් ලෙඩේ මොකක්ද කියලා දොස්තරවරුන්ට හොයාගන්න බැරිවෙයි
මම මූල්‍ය අධ්යක්ෂ කාලෙ හැම වර්ෂයකම මුළුතැන්ගෙයට අවශ්‍ය උපකරන නිසිපරිදි සැපයීමට කටයුතු කලෙමි. ඒ බව මුළුතැන්ගෙයි චෙෆ් ලා මෙන්ම, අධ්යක්ෂ පවා හොදින් දන්නවා. සෑම භෝජනාගාරකම තිබූ අබලන් පුටු මේස වෙනුවට අළුත් මේස පුටුද ලබාදීමට කටයුතු කලෙමි. අවශ්‍ය මුදල් ලැබෙන සීමිත මුදලින් කලමනාකරනය කර ගතිමි.