IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දියර පොහොර ගෙන්වීමේදී කෝටි දහයක පාඩුවක්

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

සීමාසහිත ලංකා පොහොර සමාගම දියර පොහොර ගෙන්වීමට විදේශීය සමාගමක් සමඟ ගිවිසුම් අත්සන් කිරීමේදී  සිදුවී ඇතැයි කියන අනීතික ගනුදෙනුවක් හේතුවෙන් රුපියල් කෝටි 10 කට  ආසන්න  පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ   විගණන වාර්තාවක සඳහන් වේ.

මේ අතර සීමාසහිත ලංකා පොහොර සමාගම සහනාධාර ලෙස බෙදා හැරීමට සූදානම් කර තිබූ පොහොර මෙට්‍රික් ටොන්  896 ක්  ගොවීන්ට බෙදා හැරීමට නොහැකි ලෙස හානියට පත්වීම හේතුවෙන් රජයට රුපියල් පන් කෝටි  තිස් අට ලක්ෂයක මුදලක්  පාඩුවී ඇතැයිද  එම වාර්තාවේ දැක්වේ.

එම  පොහොර මෙලෙස හානිවී ඇත්තේ ඒවා නිසි කළමනාකරණයෙන් යුක්තව බෙදාහැරීමට කටයුතු නොකිරීම හේතුවෙන් බව ජාතික විගණන කාර්යාලය පවසයි.

රුපියල් කෝටි හතරකට වැඩි වටිනා පොහොර මෙට්‍රික් ටොන්  671.47 ක් 2019 වර්ෂයේදීත් රුපියල්  එක් කෝටි
තිස් පන් ලක්ෂයක්  වටිනා පොහොර මෙට්‍රික් ටොන් 225.44 ක් 2020 වර්ෂයේදීත් මෙලෙස හානියට පත්ව තිබූ බව එම වාර්තාවේ දැක්වේ.

ලක්පොහොර සමාගම විදේශීය සැපයුම්කාර සමාගමක් අතර 2017 වර්ෂයේ අප්‍රේල් මස  17 වැනිදා ඇතිකරගත් ගිවිසුම ප්‍රකාරව  සපයන ලද දියර පොහොර වලින්    රුපියල් කෝටි අටකට ආසන්න වටිනා කල් ඉකුත්වූ පොහොර ලීටර්  109408 ක ප්‍රමාණයක් හුණුපිටිය ප්‍රධාන ගබඩාවේ 2021 වර්ෂයේ මාර්තු මාසය වනවිටත්  ගබඩා කර තිබූ බව නිරීක්ෂණයවී යැයි පවසන විගණන වාර්තාව  පිරිවැය අඩු බෙදාහැරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමෙන් තොරව දිවයිනේ විවිධ ප්‍රදේශවල ගබඩා හතළිස් හයක් පවත්වාගෙන ගොස් වැටුප් පරිපාලන මෙහෙයුම් හා ප්‍රවාහන වියදම් අත්‍යවශ්‍ය නොවන ලෙස ඉහළ නැංවීම හේතුවෙන් සමාගම අඛණ්ඩව මෙහෙයුම් අලාභ ලබා තිබූ බවද සඳහන් කරයි.

එසේම සමාගම අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට අනුකූල නොවන සේ   රුපියල් දෙකෝටි  දෙලක්ෂයකට වැඩි වටිනා  දිරිදීමනා 2020 වර්ෂයේදී  ගෙවා ඇතැයිද  ජාතික විගණන  කාර්යාලය පවසයි.



අදහස් (0)

දියර පොහොර ගෙන්වීමේදී කෝටි දහයක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site