
(අජන්ත කුමාර අගලකඩ)
දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහලේකම්ධුරයෙන් ඉවත් කිරීමට සිදුවූයේ ඔහු සියලු දෙනා පෙරළාගෙන පක්ෂයේ නායකයා වීමට ගිය නිසා යෑයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලු රැසක් තිබූ බව කී සිරිසේන මහතා එම තත්වය හමුවේ ඔහු පක්ෂයේ ලේකම්වරයා ලෙස තවදුරටත් තබා ගත නොහැකි බවද සඳහන් කළේය.
ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති බවත්,චෝදනා පත්‍රය ලබන සතියේ දී ඔහුට ලැබෙන්නට සලස්වන බවත්, හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මේ අතර, දයාසිරි ජයසේකර මහතා මහ ලේකම් ධුරයෙන් ඉවත් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අගමැතිකම ගැනීමට දැයි නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ, තමාට එවැනි බොළඳ සිහිනයක් නොමැති බවය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රීපාල කොයි පැත්තට කරනම් ගහනවද කියල කවුරුවත් දන්නෙ නෑ. කිසිම විශ්වාසයක් තැබියහැකි කෙනෙකු නොවෙයි.
ලංකාවේ නිව්ස් වල උඩින්ම දේශපාලකයින් ඉන්නේ ඇයි තාත්තේ? අවුරුදු 75ක් තිස්සේ රට නොමග යැවුවේ ඔහොම තමා පුතේ...
දයාසිරිගේ දේශපාලන මතවාදය මම අනුමත නොකළත් ඔහු උගත්කමෙන්, බුද්ධියෙන්, කලාවෙන්, ක්‍රීඩා අතින්, තරුණකමින් ඔබට වැඩිය ඉදිරියෙන් සිටින බව මගේ අදහසය. ජනතාව ඔබට ජනාධිපතිකම දීලත් කරගන්න බැරිවුණු දැන් ගෙදර යන්න. ඔය නිදහස් පක්ෂයකට ජනතාව දැන් ඡන්දෙ දෙන්නේ නැහැ...
බය උනාද පුතාට නායක කම දෙන්න බැරිවෙයි කියලා. හැබැයි සිරෝ ඔහෙට වඩා දයාට වැඩක් කල හැකියාව තිබේනවා. ඔහේ ගේ වැඩවලින් පෙනෙනවා රාජ කපටියෙක් කියලා. ගේට්ටුව අරින විට එතන ඉන්නේ නොන්ඩි හරකෙක් උනත් ඌ තමයි ඉස්සෙල්ල එලියට එන්නේ. ඒවගේ තමයි ඔහේ පක්ෂ නායකයා උනේ.
උගත් වැඩ පුලුවන් එකෙකුට තැන දෙන්න නූගත් නාකි හම්පඩ පඹයින් කැමැති නෑ... ඒකයි ඇත්ත...
මෙි මෛත්‍රීපාලයනමි සත පහකට විස්වාස කරන්ඩ බැරි ගං කබරයෙක්.
ඔය චෝදනා කව්ද පිලිගන්නේ...ඔභේට අධිකරණයෙන් ආපු චෝදනාව ඔහේ පිලීගත්තද.....ඔවා දෙනු පරභට...තමා සම්මතෙහි පිහිටා සිට....
නායක කමට මෙයාට වැඩිය පොල්පිත්තක් හොඳයි.
ඇයි ඔය පක්ෂයේ නායක වෙන්න දයාසිරි සුදුසු නැද්ද? නැත්නම් පක්ෂයේ නායක තනතුර දීමට ඔහුට නුසුදුසුකමක් තිබේ නම් ඒක මොකක්ද කියන්න බැරිද?
පක්ෂය තවත් කා දමන්නේ නැතිව නැතිව කරන්න පුළුවන් කෙනෙකුට... දුන්නා නම් හොඳයි. කෙසේවෙතත් පක්ෂය යළි ගොඩගැනීමට නොහැකියි.
නායකයා වෙන්න උත්සාහ කිරීම ඕනෙම කෙනෙකුගේ ප්‍රජාතන්ත්‍රීය අයිතියක්... එවන් කෙනෙකුට පක්ෂයෙන් නෙරපීම වැරැදියි.
දෙන්නම පොළොංගු තමයි. මෙදාපාර ඡන්දෙදී දෙන්නවම ගෙදර තියන්න කුරුණෑගල සහ පොලොන්නරුව ජනතාව සැදී පැහැදී තමයි බලාගෙන ඉන්නේ...
දයාසිරිට පක්ශ නායක්ත්වය ලැබීමට කාලය එලබ ඇත.
මේ මෛත්‍රිපාල වගේ කෙනෙක් මේ ලෝකයේ කොහේවත් නැතුව ඇති... කෙළෙහි ගුණයක් නැහැ.