
( කාංචන කුමාර ආරියදාස )
දඹුල්ල මහා නගර සභාවේ 2026 අය-වැය වැඩි ඡන්ද 12 කින් සම්මත වූ අතර අය-වැයට විරුද්ධව එකදු ඡන්දයක් හෝ නොලැබිණි .
ජන්දය විමසන අවස්ථාවේ විපක්ෂ නියෝජනය කරන සභිකයන් සභා ගර්භයෙන් ඉවත්ව සිටියහ.
ඒ අනුව දඹුල්ල මහා නගර සභාවේ 2026 අය-වැය පක්ෂව ඡන්ද 12ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් නොලැබිණි. ඡන්ද 12/0 ලෙස 2026 වසර සඳහා අයවැය යෝජනාව සම්මත විය.
දඹුල්ල නගරාධිපති වසන්ත රාජමන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල මහා නගර සභාවේ 2026 අය-වැය සදහා වූ මහා සභාව ආරම්භ කෙරිණි
උප නගරාධිපති සුසන්ත බටගොග මහතා සභාව අමතන අවස්ථාවේ ඇතිවූ උණුසුම් තත්වයක් නිසා විපකෂය නියෝජිත මන්ත්‍රී වරුන් සියලු දෙනා සභා ගර්භයෙන් පිටව ගියහ.
තවද අයවැය සංශෝධනයන් පිළිබඳ කිසිදු යෝජනාවක් විපක්ශය නියෝජනය කළ කිසිදු මන්ත්‍රීවරයෙකුගෙන් හෝ මන්ත්‍රීවරියකගෙන් ඉදිරිපත් නොවීමද විශේෂත්වයකි.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දඹුල්ල මහ නගරසභා අය වැය සම්මතයි