
දඹුල්ල පන්නම්පිටිය ප්‍රදේශයේ හාල් මෝලක් තුළ සඟවා තිබූ කසල තේ කිලෝ 7000කට අධික ප්‍රමණායක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.
කසල තේ තොගයක් සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙම කසල තොගය අත්අඩංගුවට ගෙන ඇත.
වටදෙණිය වෙලම්බොඩ පදිංචි සැකකරු අද දඹුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කසළ තේ ගෙනාවේ කුමන තේ කර්මාන්ත ශාලා වලින් දැයි සොයාගෙන ඔවුන් හටද නීති මගින් දඬුවම් දීමට කටයුතු කළ යුතුයි.එමෙන්ම,කසළ තේ සොයා දී ඒ සඳහා සම්බන්ධීකරණය කොට අයුතු ලෙස මුදල් උපයන බ්‍රෝකර්වරුන් ද අත් අඩංගුවට ගත යුතුය.එසේ නොමැතිව මේ කසල තේ වසංගතය මැඩලිය හැකි නොවේ.අතීතයේදී,තේ කර්මාන්ත ශාලා සම්බන්ධව කටයුතු කල තේ පරීක්ෂක වරුන් ඉදිරියේදී අදාළ තේ කර්මාන්ත ශාලා භූමියේදී ගිනි තබා විනාශ කිරීම සිදුවූ අතර පසුව කසළ තේ පොහොරක් ලෙස ගස්මුල් පාමුල දැමීමට කටයුතු කිරීම සිදුවිය.පසුව ගස්මුල් වලට දැමීම පසෙක තබා ඒවා අධික මිල ගණන් වලට විකිණීමට අවස්ථාව උදාවිය.